මේ වන විට ආණ්ඩුව සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට පිටින් යමින් අවුල් සහගත වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බව බලශක්ති ඇමති
උදය ගම්මන්පිල පවසයි.
ඔහු එවැනි චෝදනාවක් කර සිටියේ, Chanel 4 අන්තර්ජාල නාලිකාව සමග සම්මුඛ සාකච්චාවකට එක්වෙමිනි.
ආණ්ඩුවේ වැරදි විවේචනය කරමින් ආණ්ඩුව තුළ විපක්ෂයේ කාර්ය භාරය විමල් වීරවංශ සහ වාසුදේව නානායක්කාර සමග තමන් ඉටු කරමින් සිටින බව ගම්මන්පිල අමාත්‍යවරයා එම සම්මුඛ සාකච්ජාවේදී පෙන්වා දෙයි.
විමල් වීරවංශ ට සහ වාසුදේව නානායක්කාර ට මෙන්ම තමන්ට ද “ආණ්ඩුව සහ ඇමති ධූරවලට වඩා” රට වටිනා බව පවසන ගම්මන්පිල අමාත්‍යවරයා, සිය අමාත්‍ය අමාත්‍යධූර නැති වුවත් ආණ්ඩුව නැති වුවත් තමන්ට “රට නැති කර නොහැකි බව”ද අවධාරණය කර සිටියි.
විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ තමා LNG සැපයුම සහ බලාගාර ඇමරිකානු සමාගමකට ලබා දීමට විරුද්ධව අධිකරණයට යෑම තුළින් කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩකර තිබේනම්, තිදෙනාම කැබිනට් අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමේ තීන්දුව ජනාධිපති වරයාට ඕනෑම මොහොතක ගත හැකි බව ගම්මන්පිල අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ ට සහ විදුලිබල අමාත්‍යවරයා ලෙස ගාමිණි ලොකුගේ ට මේ මොහොතේ විදුලි අර්බුදයට ගත යුතු තීන්දු තීරණ පිළිබඳව තමා පුද්ගලිකව දැනුම් දී ඇතත් ඒ පිළිබඳව මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කිරීමට නොහැකි බව ද ඔහු එම මාධ්‍ය සාකච්ජාවේදී පවසයි.