එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සභික දිනුක් කොළඹගේ

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්නැයි එක්සත් ජාතික පක්ෂය අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇත.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික දිනුක් කොළඹගේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ, පසුගිය සතියේ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ඉල්ලා ප්‍රකාශ තුනක් නිකුත් කළ බවයි.

" රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙලකට රජය එකඟ බව" පසුගිය පෙබරවාරි 2 වෙනිදා කැබිනට් ප්‍රකාශක ආචාර්ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කර තිබුණා. පෙබරවාරි 2 වෙනිදා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව විශේෂඥ උපදෙස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ වනවිට ඉල්ලා ඇති බවයි. පෙබරවාරි 3 වෙනිදා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ මෙය සමාන්‍ය තාක්ෂණික ආධාර වැඩසටහනක් බවයි.'' යයි  දිනුක් කොළඹගේ පැවසිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කොළඹගේ, ''පසුගිය වසරේ නොවැම්බර්-දෙසැම්බර් මාසවලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදේශන කටයුතු මෙරට පැවැති බැවින් මෙය තාක්ෂණික වැඩසටහනක්ද යන්න පිළිබඳව අපට සැකයක් මතුවී තිබෙනවා. රජය මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග මොනවාද යන්න මුදල් ඇමතිවරයා නොදන්න බව මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කරනවාද? කියා සැක මතු කළේය.

 

ශ්‍රී ලංකාව දැවැන්ත මූල්‍ය අර්බූදයකට මුහුණ දී සිටින අවස්ථාවක රටේ පවතින ප්‍රශ්න මගහරවා ගැනීම සඳහා රජය තම සැලැස්ම මහජනතාවට ඉදිරිපත් කළ යුතු බවද, වර්තමානයේදී රටේ ආර්ථිකය අධීක්ෂණය කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව දැඩි කනස්සල්ලක් පවතින බවද කොළඹගේ තවදුරටත් පැවසීය.

 

''ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ නිවැරදි තත්ත්වය කුමක්ද යන්න සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය ප්‍රකාශයක් කිරීම අත්‍යාවශ්‍යයි. රජයේ පවතිත මේ අඛණ්ඩ ව්‍යාකූලත්වය සහ අවිනිශ්චිතභාවය මහජනතාව මුහුණදෙන දුෂ්කරතා තවත් වැඩිකරන බව අපේ හැඟීමයි.

රට මුහුණ දී සිටින මූල්‍ය ප්‍රශ්න විසඳීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම රජයෙන් ඉල්ලා සිටියා. අමාත්‍ය මණ්ඩලය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔවුන්ගේ ඉදිරි සැලසුම් මහජනතාවට ඉදිරිපත් කිරීමේ වගකීම ඔවුන් ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා.'' යයි ද එජාප තරුණ කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයා වැඩිදුරටත් කියා සිටියේය.


බැසිල් කියපු කතාවට ලැබුන ප්‍රතිචාරය !

Captussre

වර්තමාන මූල්‍ය අර්බුදය විසඳා ගැනීම සම්බන්ධයෙන් සහය ඉල්ලමින් ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇති බවත්, එම ආයතනයේ නියෝජිතයින් පිරිසක් ළඟදීම මෙරටට පැමිණිමට නියමිත බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසා තිබිණ.

ඒ අනුව ඔවුන් විසින් මෙය විසඳා ගැනීමට උපදෙස් ලබාදෙනු ඇති බවත් ඒවා බාරගන්නාවද නැද්ද යන්න සම්බන්ධයෙන් පසුව තීරණය කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබිණ.

කොළඹදී මාධ්‍ය අමතමින් මුදල් ඇමතිවරයා මෙසේ කියා සිටියේය.

''විශේෂඥ දැනුම අපි ඉල්ලලා තියෙනවා. අර්බුදකාරී රටවලට උපදෙස් දෙන්න තියෙන ආයතනය මේක තමයි. අවශ්‍ය මුදල් ජපන් රජයෙන් දෙන්න එකඟතාවක් තියෙනවා. ඒ දෙකම IMF එක තහවුරු කරලා තියෙනවා. හෙට අනිද්දා ඔවුන් ඇවිත් අපි නොදන්න දේවල් ගැන අපිට උපදෙස් දෙයි. ඒවා භාරගැනීම මට තනියෙන් කරන්න බැහැ. අපිට සුදුසු ක්‍රමය ගැන අපි හොයනවා.''

මේ පිලිබදව පැහැදිලි කිරීමක් ලබා ගැනීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු ඇමතූ මෙරට මාධ්‍යවේදියෙකුට ලැබී  ඇත්තේ මෙවන් ප්‍රතිචාරයක් බව lankacnews.com වාර්තාකර තිබේ. ''මූල්‍ය පහසුකම් හෝ උපදෙස් වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් කිසිම ඉල්ලීමක් ලැබී නෑ. අප උපදේශකයන් එරටට එවීමට එකඟවී නෑ.''

d331478d 6b45 4bea 85c9 96b9714bcccd


 Leader Whats app

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්