ලංකා මුහුදේ මත්ස්‍ය සම්පත ඉන්දීය ධීවරයන් කොල්ල කෑම වලක්වන ලෙස ඉල්ලා යාපනය අර්ධද්වීපය පුරා දියත් වූ  ධීවර උද්ඝෝෂණ පොලිසියේ ඉල්ලීමට

අධිකරණයෙන් තහනම් කර තිබේ.

යාපනය මාධ්‍යවේදීන් සඳහන් කරන්නේ ධීවර උද්ඝෝෂණ පැවති ප්‍රදේශ කිහිපයකට විශේෂ කාර්ය බලකායේ බල ඇණි කැඳවා ඇති බවයි.

පොලිසිය මගින් පේදුරුතුඩුව උසාවියට කරුණු දක්වා ඇත්තේ, කෝවිඩ් රෝගය පැතිර යාමත්, අධ්‍යාපන සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පෙනී සිටින අපේක්ෂකයන්ට බාධා වීමත් සැළකිල්ලට ගෙන මෙම ධීවර උද්ඝෝෂණ තහනම් කරන ලෙසයි.

ධීවර උද්ඝෝෂණ තහනම් කරමින් නියෝග පනවා ඇති පේදුරු තුඩුව අධිකරණය මහා මාර්ග හරස් කොට විරෝධතාවයේ සිටින ධීවරයන්ට විසිර යන ලෙස ද අණ කර තිබේ.

සීමා මායිම් පැන මෙරට මුහුදේ මසුන් කොල්ල කන ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා පැමිණීම නවත්වන ලෙසත්, ඒ සම්බන්ධව අදාළ බලධාරීන් විසින් ලිඛිතව සහතික කරන ලෙසත්, ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා වල ගැටීමෙන් මිය ගිය වත්තිරායන් පදිංචිව සිටී ජෝශප් ප්‍රේම්කුමාර් සහ අරුන් කුමාර් තනියෛමාරන්  ධීවරයන් දෙදෙනා වෙනුවෙන් සාධාරණය ඉටු කරන ලෙසත් ඉල්ලා සිව් වැනි දිනටත් ඊයේ [03] සුප්පර්මඩම් ධීවරයන්ගේ උද්ඝෝෂණය පැවැත්විනි.

ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා මගින් හානි කරනු ලැබූ බෝට්ටු හා දැල් ආම්පන්න මගින් පට්ටිතුරෙයි - පොන්නාලෙයි  මාර්ගය හරස් කොට කඳවුරු බැඳ සිටින සුප්පර්මඩම් ධීවරයෝ සමඟ සාකච්ජා කිරීමට ධිවර ඇමැති ඩග්ලස් දේවානන්දා එහි පැමිණිය ද කිසිදු විසදුමක් නොමැතිව ඔහු පිටත්ව ගියේය.

 

මේ අතර පුලිකන්ඩි නැගෙනහිර ධීවර සංගමය ඉදිරිපිට ඊයේ [03]පැවති උද්ඝෝෂණයට එක්ව සිටී ධීවරයෙක් හානියට පත් තම ධීවර බෝට්ටුව සහ දැල් ආම්පන්න ගිනි බත් කිරීමෙන් අනතුරුව ඔහු ද සිය දිවි හානි කර ගන්නට ගත්  උත්සහාය ව්‍යර්ථ වුයේ සහෝදර ධීවරයන්ගේ මැදිහත් වීමෙනි.

 

ට්‍රෝලර් යාත්‍රා වලින් පැමිණි අනවසර තමිල්නාඩු ධීවරයන් විසින් සිය බෝට්ටු හා දැල් ආම්පන්න වලට හානි කිරීමත්, ආණ්ඩුව ඒ සඳහා කිසිදු සහනයක් ලබා දීමට කටයුතු නොකිරීමත් හේතුවෙන් කළකිරීමට පත් මෙම ධීවරයා සිය දිවි නසා ගැනීමට වෑයම් කර තිබේ.


ඇමැති ඩග්ලස් දේවානන්දා හූ හඬ මැද පළා යයි


යාපනයේ සිට මහනුවර දක්වා දිවෙන 'ඒ නයින්' මාර්ගය හරස් කරමින්, යාපනය කච්චේරිය වට ළා ඊට පිවිසිය හැකි මාවත් තුනම වසා දමමින්, උද්ඝෝෂණයේ නිරතවූ ධීවරයන් හමුවට පැමිණි ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දාට සිදු වුයේ ධීවරයන්ගේ හූ හඬ මැද පළා යාමටය.

උද්ඝෝෂණයේ සිටී යාපනය දිස්ත්‍රික් ධීවර සංගම් නියෝජිතයන් ධීවර ඇමැති වරයාට කියා සිටියේ අනවසර ඉන්දිය ට්‍රෝලර් යාත්‍රා මෙරට මුහුදට පැමිණීම නතර කරන බවට ලිඛිත පොරොන්දුවක් ලබා දෙන ලෙසයි. ''ලිඛිත පොරොන්දු දෙන්න බැහැ,''යැයි පැවසූ ඇමතිවරයාට උද්ඝෝෂකයන්ගේ විරෝධය එල්ලවූ අතර නොසන්සුන් තත්වයක් ඇතිවූ බව යාපනයේ මාධ්‍යවේදියෝ පවසති.

ඉන්දීය ධීවරයන් හා උතුරේ ධීවරයන් අතර මුහුදේ ඇතිව තිබෙන ගැටුම් නිරාකරණයට මැදිහත් වන ලෙස තමිල් නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ.ස්ටාලින් විසින් දෙමළ ජාතික පක්ෂයට ඇරයුම් කර ඇති බව එහි ප්‍රධාන ලේකම් එම්.කේ.සිවාජිලිංගම් සුප්පර්මඩම් ධීවරයන් හමුවේ සඳහන් කළේය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවාජිලිංගම් මේ බව හෙළිදරව් කළේ සුප්පර්මඩම් ධීවරයන්ගේ උද්ඝෝෂණයට සහයෝගය දැක්වීමට ඊයේ [03] එහි පැමිණි අවස්තාවේදීයි.

''තමිල් නාඩු හා උතුරේ ධීවරයන් අතර මුහුදේ ගැටුම් ඇති වීම වහාම නවතා ගත යුතුයි. උතුරේ ධීවර සංගම් එක්ක කතා කරලා විසදුමක් හොයා ගන්න තමිල්නාඩු මහ ඇමැති ස්ටාර්ලින් සුදානම්. අපි ඒ සඳහා මැදිහත් වෙනවා. මොකද ඉන්දීය මධ්‍යම ආණ්ඩුවත් ලංකා ආණ්ඩුවත් මේක විසඳන්න මැදිහත් වෙන්නේ නැහැ කවුරු මැරුණත් මැරෙන්නේ දෙමළ නේ,''යැයි  සිවාජිලිංගම් මෙහිදී අවධාරණය කළේය.

 IMG 20220203 WA0002IMG 20220203 WA0006


Leader Whats app
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්