ඉකුත් දින 18 ක පමණ කාලය තුළදී මෙරට සිට ඇමරිකානු ඩොලර් ඇතුළු රුපියල් කෝටි අටකට

ආසන්න වටිනාකමකින් යුත් විදෙස් මුදල් තොගයක් ඩුබායි බලා රැගෙන යාමට ඇතැමුන් උත්සාහ කර ඇත්තේ එරටින් රත්තරන් මෙරටට රැගෙන ඒමේ ජාවාරමකට බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් කළ පරීක්ෂණවලදී අනාවරණයවී ඇත.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් ඉකුත් දින 18 ක කාලය තුළදී කටුනායක ගුවන් තොටුපොලේ කරන ලද වැටලීම්වලදී රුපියල් හත් කෝටි අසූ ලක්ෂයක් වටිනා විදෙස් මුදල් තොගයක් ඩුබායි බලා රැගෙන යාමට උත්සාහ කළ කාන්තාවන් තිදෙනකු ඇතුළු පුද්ගලයන් 12 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම විදෙස් මුදල් අතර ඇමරිකානු ඩොලර් එක් ලක්ෂ දාහත්දහස් තුන්සියයක් (117,300) ක්, යුරෝ එක්ලක්ෂ විසි හත්දාස් පන්සීයක් (127,500) ක්, ස්ටර්ලින් පවුම් අටදාස් හත්සිය විසිපහක් (8,725) ක්, සවුදි රියාල් තුන්ලක්ෂ විසිනමදාහක් (329,000) ක් වේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සෑම අයකුම සිය ගමන් මලු තුළ සූක්ෂමව විදෙස් මුදල් සඟවාගෙන ගුවන් මගින් ඩුබායි බලා යෑමට උත්සාහ කිරීමේදී රේගු නිලධාරීන්ට හසුවී ඇත.

මෙලෙස මුදල් රැගෙන යාමේ ජාවාරමට සම්බන්ධ බොහෝ දෙනකු කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් විදෙස් මුදල් ඩුබායිවලට ගෙන ගොස් නැවත මෙරටට රත්තරන් රැගෙන ඒම සඳහා ඔවුන්ට රුපියල් පනස් දහසක පමණ මුදලක් ගෙවන බවද රේගු විමර්ශනවලදී අනාවරණයවී තිබේ.

(aruna.lk)

 

 

 

Leader Whats app

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්