පාස්කු ප්‍රහාරය වැළැක්වීමට ක්‍රියා නොකළ පාර්ශවයන්ගෙන් කටඋත්තරයක් හෝ ලබා නොගැනීම තුළින් ආණ්ඩුව ඔවුන් ආරක්ෂා කරන්නේදැයි තම හෘද

සාක්ෂිය ද තමන්ගෙන් විමසන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහභාගි වූ පුත්තලමේ පැවති උත්සවයක් අමතමිනි.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත එහිදී මෙසේද පැවසිය.

"අපේ කාදිනල් හිමියන් කොන්ද පණ තියෙන නායකයෙක්. ඒ නිසා කාදිනල් හිමිගේ සමහර වචන ඇතැම් අයට නුරුස්සනවා වෙන්න පුළුවන්. සිරිසේන ජනාධිපතිතුමාව ගෙන්නලා එතුමාගෙන් කටඋත්තරයක්වත් ගන්නේ නැත්නම් රජය පැත්තෙන් යම්කිසි ආරක්ෂා කිරීමක් තියෙනවා ද කියලා කතෝලිකයෙක් හැටියට මගේ හදවතත් කතා කරනවා. ඒ නිසා අපේ නායකයෝ දෙදෙනාත් හෘදය සාක්ෂියෙ‍ෙන් අහලා බැලුවොත් හොඳයි කියලා මං හිතනවා."


බෝලෙ පාස්කරන විදිහ කාදිනල් හිමි කියති


මෙම අවස්ථාවේ සභාව ඇමතූ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් මෙසේ පැවසුහ.

''හිටපු ජනාධිපතිතුමාගෙන් පටන් අරන් අන්තිම පොලිස් නිලධාරියා දක්වා නම් දාලා තියෙනවා. අපි මේ රජයෙන් ඉල්ලන්නේ කරන්න බැරි දේවල් කරන්න නෙමෙයි. හිටපු ජනාධිපතිතුමා ආරක්ෂක ඇමති. ඒ නිසා එතුමාට කෙලින්ම වගකීමක් තියෙනවා. ඒ අයව ගෙනල්ලා උත්තර ගන්න ඕනේ."

"අපි දේශපාලනය කරන්නේ නෑ..සාධාරණය ඉෂ්ඨ කරන්න. උත්තරය තියෙන්නේ ආණ්ඩුව අතේ. සාධාරණය කළොත් අපි අනවශ්‍ය දේවල් කරන්න ඕනේ නෑ."

"වොලිබෝල් ගහනකොට මේ පැත්තේ ඉඳලා ඒ පැත්තට දානවා නේ. දැන් අපි දාලා තියෙන්නේ ඒ පැත්තට. දැන් වගකීම ඉෂ්ඨ කරන්න."

 
 

Leader Whats app

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්