අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලැබ සිටින රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියන් කිහිපදෙනෙකුට

රජයේ සේවකයන් සම්බන්ධයෙන් බලපාන නීති රෙගුලාසි කිසිවක් අදාල නොවීම හා ඔවුනට විශේෂ දේශපාලන අනුග්‍රහයක් ලැබීම බරපතල කාරණයක් බව මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

රජයේ සේවකයන් සම්බන්ධයෙන් බලපාන නීති අඩංගු වන ආයතන සංග්‍රහයේ XLVIII පරිච්චේදයේ 31.1.3 වගන්තියට අනුව යම් රජයේ සේවකයෙකුට එරෙහිව අපරාධ නඩුවක් පැවරුන විට අදාල සේවකයාගේ සේවය අත්හිටුවීම කල යුතු නමුත් අධිකරණය හමුවේ චෝදනා ලැබ සිටින රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියන් දෙදෙනෙකුට එකී නීතිය ක්‍රියාත්මක නොවීම රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන් අතර මේ දිනවල දැඩි කතාබහට ලක්ව ඇති කාරණයක් බවද ඔහු කියා සිටියේය.

නීතියට අනුව අතිරේක ලේකම්වරියක් වන සංචාරක අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වශයෙන් අනුයුක්ත කර ඇති ධම්මිකා විජයසිංහ ගේ සේවය ශ්‍රී ලංකා පරිපාලන සේවය සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්  ධුරය යන දෙකෙන්ම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවිය යුතු බවත්, එමෙන්ම  මුදල් අමාත්‍යංශයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් වරියක් වන අනෝමා නන්දනී ගේ සේවයද වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවිය යුතු බවත් ඒ අනුව මෙම චුදිතයන්ගේ ආයතන ප්‍රධානින් එසේ නිතිය අනුව කටයුතු කරන්නේදැයි දැඩි විමසිල්ලෙන් බලා සිටින බවත් මුදල් අමාත්‍යංශයේ නිලධාරියා වැඩිදුරටත් පැවසිය.




මෙම නිලධාරියන් දෙදෙනාට හා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු ට එරෙහිව 'ලංකා රියලිටි ලෙෂර් පෞද්ගලික සමාගම' විසින් අධිකරණය හමුවේ පෙත්සම ගොනුකර තිබිණ. ඒ, සංචාරක අධිකාරිය මගින් 99 වසරක බදු පදනම යටතේ යාල ප්‍රදේශයෙන් එම සමාගමට ලබාදී තිබූ ඉඩමක් එම ගිවිසුම කඩා වෙනත් පාර්ශ්වයකට පැවරීමට ගෙන තිබූ තීන්දුවක් නිසාය.



ලංකා රියලිටි ලෙෂර් පෞද්ගලික සමාගම  (Lanka Realty Leisure (Pvt) Ltd. - LRL) , සංචාරක අධිකාරියට (Sri Lanka Tourism Development Authority -SLTDA) එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවීමෙන් පසු එම තීන්දුව අත්හිටුවීමට අධිකරණය කටයුතු කර තිබියදී එය පසෙකලා අදාළ ඉඩම වෙනත් පාර්ශ්වයකට ලබාදීමට කටයුතු කොට තිබිණි. ඒ අනුව සංචාරක අධිකාරිය අධිකරණයට අපහාස කළ බවට අධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකිරීමට අදාළ සමාගම පියවර ගෙන තිබිණි.

විත්තිකරුවන් විසින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පැමිණිලිකරු (Lanka Realty Leisure (Pvt) Ltd. - LRL)  විසින් ගොනු කරන ලද  2021.02.19 දිනැති පෙත්සමක් සලකා බලා එහි කරුණු පිළිබදව සෑහීමට පත්වී විත්තිකරුවන් වන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු ටත්, අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජයසිංහ ටත්, මුදල් අමාත්‍යංශය නියෝජනය කරන අධ්‍යක්ෂ මණ්ඩල සභික අනෝමා නන්දනී ටත් එකී චෝදනා චෝදනා වලට පිළිතුරු සැපයීම සදහා 2021.05.24 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස දිසා අධිකරණය විසින් නියම කරන ලදී.  

එකී චෝදනා වලට පිළිතුරු සැපයීමට නියම කල දිනට පෙර 2021.05.10 දින විත්තිකරුවන් වෙනුවෙන් පෙරකලාසි ගොනු කර අදාළ සිතාසි නිකුත් කිරීම කර ඇත්තේ අධිකරණය නොමග යවමින් බව ප්‍රකාශ කල අතර එකී ඉල්ලීම අධිකරණය විසින් පිළිගනිමින් 2021.05.10 වන දින සිතාසි අත්හිටුවා ඒ සම්බන්ධයෙන් පැමිණිලිකරුට නොතිසි කර ඇත.

පැමිණිලිකරු ඉන් අනතුරුව මෝසමක් ගොනු කරමින් එසේ සිතාසිය අත්හිටුවීම වැරදි බැවින් එකී සිතාසි අත්හිටුවීමේ නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලීමක් කරන ලදී. මේ සම්බන්ධයෙන් කරුණු ප්‍රකාශ කිරීම ලිඛිත දේශනා මගින් කිරීමට පාර්ශවයන් එකග විය.

එකී ලිඛිත දේශනා සම්බන්ධයෙන් කරුණු සලකා බලා ඒ පිලිබදව අධිකරණයේ නියෝගය 2022.02.02 දින ප්‍රකාශයට පත් කරන ලදී.



එකී නියෝගය පරිදි ඉහත සදහන් චුදිතයන් තිදෙනා හට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාවට පිළිතුරු සැපයිම සදහා 2022.03.16 දින අධිකරණය ඉදිරියේ පුද්ගලිකව පෙනී සිටින ලෙසට නියෝග කර ඇත. එමෙන්ම මෙම නීති කෘතීන් අපරාධ නීති කෘතීන් බව එකී නියෝගයේ 12 වන පිටුවේ අවසාන චේදයේ පැහැදිලිව සදහන් කර ඇත.



අදාල තීන්දුව පහත සබැඳියාව   

 

 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්