අභීත පාලකයෝ හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ වත්මන් පරිහානිය ලැජ්ජා සහගතබව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි.



අතුරු වෛද්‍ය සේවාව ඒකාබද්ධව ආරම්බ කර ඇති රෝහල් වැඩ වර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය කැදවුම්කරු රවී කුමුදේශ් මෙසේ පැවසිය.

''ඕනෑම ගැටලුවක් සමග වෘත්තීමය ලෙස මැදිහත් වෙමින්, සාමූහිකත්වය ආරාක්ෂා කර ගනිමින් ගැටළු නිරාකරණය කිරීම සදහා හැකියාවෙන් පරිපුන් සෞඛ්‍ය ලේකම් වරුන්, සෞඛ්‍ය ඇමතිවරුන් හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශය ගැන අද අපිට තියෙන්නේ ලැජ්ජාවක්. සෞඛ්‍ය කාර්‍යමණ්ඩලයේ ගැටළුවක් සදහා විසදුම් ලබා දීම කෙසේ වෙතත්, අඩුම තරමින් මදිහත් වීමක් හෝ සිදු කිරීමට බිය, පෞරුෂයක් නොමැති, නොහැකියාව නිසාම අනවශ්‍ය ලෙස ප්‍රශ්ණ දිග් ගස්සා ගනිමින් සිටින තත්වයකට අද සෞඛ්‍ය අමාත්‍යාංශය පත්ව තිබේ.

 

සෞඛ්‍ය වෘත්තීයවේදීන් ලෙස වර්ජන කිරීම හේතුවෙන් මහජනතාවට ඇතිවන අපහසුව පිළිබදව අපි අතිශය ලෙස කණගාටු වුණත්, ප්‍රශ්ණවලින් පලා යන පාලකයින් ඉන්න රටක, අපට වෙන කිසිදු විකල්පයක් ඉතිරි වෙලා නැහැ.

 

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සේවාවන්ට බදවා ගැනීම් කරන්නේ අවුරුදු හතරක විෂේශ උපාධියකින්. එහෙමත් නැත්නම් උසස් ඩිප්ලෝමාවකින්. ආණ්ඩුවේ අළුත්ම ප්‍රතිපත්ති නිසා අපොස උසස් පෙලි රාජ්‍ය සේවයට ඇතුළුවෙන කෙනෙකුගේ වැටුපට වඩා ඒක අඩු වෙලා. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පිළි ගන්නා සුදුසුකම් රාමුව ඉරලා විසිකරනකන්, අද අපේ රටේ වැටුප් කොමිසම අහක බලාගෙන ඉන්න තත්වයකට.පත්වෙලා.

මෙහෙම ගියොත් රටට ප්‍රතිපත්ති කියලා දෙයක් නැති වේවි. මේ ගැටළුව අනාගතයට ඉතුරු නොකර විසදා ගැනීමට අපට වගකීමක් තිබෙනවා.

සාකච්ඡා මගහරින පාළණයක් යටතේ අපිට ඉතිරිවෙලා තිබෙන එකම විකල්පය වර්ජනය බවට පත් වෙලා තියනවා. විසදුම් ලබා දෙන තුරු අපි මේ අරගලය අත හරින්නේ නැහැ.''




''සෞඛ්‍ය වර්ජනය වගකිවයුතු සෞඛ්‍ය බලධාරියෙකු නොමැතිවීම නිසා ඇති වන්නක්''


අතුරු වෛද්‍ය සේවාව ඒකාබද්ධව අද (7) පෙරවරු 7.00 සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

පරිපූරක වෛද්‍ය සේවාව සහ හෙද සේවාව ඇතුළු අතුරු වෛද්‍ය  සේවා ඒකාබද්ධව මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව කී රවී කුමුදේශ් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ, ඖෂධවේදීන්, විකිරණ විද්‍යා තාකෂණවේදීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය නිලධාරීන්, සහ ඖෂධ සංයෝජක නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය වෘත්තීයවේදී කණ්ඩායම් 16 ක සියලුම වෘත්තීයවේදීන් මෙම වර්ජනයට සහභාගී වන බව ද සඳහන් කළේය.

පිළිකා රෝහල්, ළමා රෝහල්, මාතෘ රෝහල් සහ වකුගඩු රෝහල්වල වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.


වර්ජකයින්ගේ ඉල්ලීම් :


(1). 2021 ජූලි මස 05 වන දින අමාත්‍ය මණ්ඩලය අනුමත කල,

A. මාණ්ඩලික හිමිකම තහවුරු කිරීමට අදාලව, තනතුරු නම් කරන ලද චක්‍රලේඛය නිකුත් නොවීම.

B. වසර 12න් පළමු පන්තිය ලබන ශ්‍රේණි උසස්වීම් ක්‍රමයට අදාලව,

i. පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය වෘත්තීන්ට අදාලව චක්‍රලේඛ නිකුත් කිරීමට වන ප්‍රමාදය
ii. විෂමතා ඉවත් වන පරිදි 2010.11.01 දින දක්වා අදාල තීරණය පෙරදාතම කිරීම වෙනුවෙන් නැවත අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබා ගැනීම.


(2).ගුරු වැටුප් විෂමතාවය පමණක් ඉවත් කිරීම හේතුවෙන් ඇතිවූ සමාන්තර වැටුප් විෂමතාවය ඉවත් කිරීම, ශ්‍රී ලංකා සුදුසුකම් රාමුව උල්ලංඝණය නොවන අයුරින් වැටුප් ප්‍රතිපත්තිය පවත්වා ගැනීම හා රනුක්ගේ වැටුප් කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම.

(3). අතිකාල රේට් අගය නිර්ණයේදී සියළු සෞඛ්‍ය වෘත්තීන් සඳහා මූලික වැටුපෙන් 1/80 ක් ලෙස ගණනය කිරීම සහ වසර 21 කින් යාවත්කාලීන නොවූ ඇමතුම් හා නිදර්ශක දීමනාව ඊට අනුකූල වනසේ යාවත්කාලීන කිරීම.

(4). වෘත්තීයවේදී උපාධියට අදාල නිවැරදි වැටුප් පරිමාණය ස්ථාපිත කිරීම සහ ගැළපෙන තනතුරු/රැකියා අවස්ථා හිමිකර දීම.

(5). සියළු සෞඛ්‍ය වෘත්තිකයන් නියෝජනය වන “සෞඛ්‍ය පරිපාලන සේවය“ ස්ථාපිත කිරීම.

(6). විශේෂ රාජකාරී දීමනාව රු. 10,000/- ක් ලෙස ඉහල දැමීම.

(7). සෞඛ්‍ය වෘත්තීයවේදී සේවාවන් සංවෘත සේවාවන් බවට පත් කිරීම.


Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්