ත්‍රස්තවාදය වැළක්වීමේ අපකීර්තිමත් පනත යොදාගෙන වසර දෙකකට ආසන්න කාලයක් සිරගත කොට සිටි කීර්තිමත් මුස්ලිම් නීතිඥවරයකු ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.


අභියාචනාධිකරණය පෙබරවාරි 7 වැනි සදුදා එම නියෝගය කර ඇත්තේ නීතිඥ හිජාස් හිස්බුල්ලා තමා ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම කැඳවු අවස්ථාවේදීයි.

මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දෙවෙල යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දී ඇත.

නීතිඥ හිජාස් හිස්බුල්ලාට ඇප හිමිවුයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව මේ මස අගදී රැස්වීමට නියමිතව තිබෙන මොහොතකය.



මහත් ගර්හාවට පාත්‍රවී ඇති ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සංශෝධනය කරන්නට යන බව ජනාධිපති වරයා පසුගියදා පාර්ලිමේන්තුවට දැනුම් දී  තිබුනි.



සංශෝධනය කරන බවට ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කර ඇති ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සම්පුර්ණයෙන්ම අහෝසි කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවේ වැඩිම නියෝජනයක් සහිත දෙමළ දේශපාලන පක්‍ෂය වන දෙමළ ජාතික සන්ධනය මේ වන විට මහජන පෙත්සමක් අත්සන් කිරීමට ආරම්භ කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව රැස්වීමට ආසන්න වත්ම ත්‍රස්ත පනත යටතේ රඳවා ගෙන සිටි  තවත් සැකකරුවන් දහතුන් දෙනකු මුදා හැරීමට අධිකරණය පෙබරවාරි 2 වැනිදා කටයුතු කර තිබුනි.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුවකු සමඟ සබඳතා පැවැත්වු බවට චෝදනා කරමින් නීතිඥ හිජාස් හිස්බුල්ලා 2020 වසරේ අප්‍රේල් මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අතර මද්‍රසා පාසලක දේශනයක් පැවැත්වූ බවටත්  ඔහුට චෝදනා එල්ල කර තිබේ.

ඒ චෝදනා ඔප්පු කෙරෙන සාක්ෂි මේතාක් අධිකරණය හමුවට ඉදිරිපත් වී නැත.



මාස 20කට ආසන්න කලක් වද දෙමින් සිරකොට ගෙන සිට පසුගියදා උසාවියෙන් ඇප පිට මුදා හරින ලද මුස්ලිම් කිවියර අහ්නාෆ් ජසීම් විසින් හෙළි කර ඇති පරිදි ඔහු හා නීතිඥ හෙජාස් අතර සම්බන්ධයක් ඇතැයි ප්‍රකාශ කරවා ගැනීමට ත්‍රස්ත මර්දන පොලිසිය අසාර්ථක උත්සාහයක යෙදුනි.



ඔවුන් දෙදෙනා සිරගත කොට තැබීමේ යුක්ති සහගත භාවය එක්සත් ජාතීන්ගේද අවධානයට යොමුවූ අතර  ඔවුන්ගේ  නිදහස වෙනුවෙන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් උද්ඝෝෂණ මාලාවක් දියත් කෙරුණි.


සබැඳි පුවත් :

 

මුස්ලිම් නීතිඥ හෙජාස්ටත් ඇප දීමට නීතිපති එකඟයි

රඳවාගෙන සිටින හිජාස් හිස්බුල්ලා සමග කතා කරන්න නීතීඥවරුන්ට අවසර

කවුද මේ නීතිඥ හිජාස්?

යාළුවන්ට අමතක වූ හිජාස් හිස්බුල්ලා - රජිත් කීර්ති තෙන්නකෝන්

පිල්ලෙයාන්ට සහ නීතීඥ හිස්බුල්ලාට “එක රටක් - එක නීතියක්” වැඩකරන හැටි ගැන ප්‍රශ්න

කොරෝනා වසංගතය: ත්‍රස්ත විරෝධී නීතිය සහ හිජාස් හිස්බුල්ලා

කවුද මේ නීතිඥ හිජාස්?- ඔහු සමග අත්අඩංගුවට ගත් පරිගණකයේ දත්ත වෙනස් කිරීමේ සුදානමක්!

හෙජාස් හිස්බුල්ලා: සුළු ජාතීන් වෙනුවෙන් පෙනී සිටීම නිසා රාජකීය දඬුවමක්

 වෘත්තීය සගයෙකුට එරෙහි සිංහල බලපෑම නිසා නීතිඥ සංගමය බෙදෙන ලකුණු

නීතිඥ හිජාස්ගේ හේබියස් කෝපුස් පෙත්සම : විනිසුරුවරුන් බය කරන්න මඩ මාධ්‍ය මෙහෙයුමක් !

නීතිඥ හෙජාස්ට විරුද්ධව සාක්ෂි දීමට වද දුන් තුන් දෙනකුගේ නම් උසාවියේ



Leader Whats app

 

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්