බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අද (08) පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. ඒ සඳහා ඔහු කතානායකවරයා ගෙන් අනුමැතිය ද ලබාගෙන ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) අරලිය ගහ මන්දිරයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ හමුවේදී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාට හිතවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ගම්මන්පිල අමාත්‍යවරයා ඉලක්කකර ගනිමින් බරපතල විවේචනයක් ඉදිරිපත්කර තිබු අතර ඒ පසුබිම තුල
ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ගම්මන්පිල අමත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කර සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමේ සුදානමක් පවතින බවයි.
කෙසේ වෙතත් එම සිදුවීම් දෙක අතර කිසිදු සම්බන්ධයක් නැතැයි බලශක්ති අමාත්‍යවරයා මාධ්‍ය වෙත පවසා තිබේ. තමන් කිසිවෙකුගේ විවේචනයන්ට නොසැලෙන බවත් එසේ සැලෙන්නේ නම් මෙපමණ දුරක් පැමිණිය නොහැකි බවත් ඔහු අවධානය කර සිටියි.
බලශක්ති අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරන පරිදි ගම්මන්පිල අමත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට වේලාව වෙන්කර ගෙන ඇත්තේ, ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සම්බන්ධයෙන් රජය පසුගියදා අත්සන් කරන ලද ගිවිසුම් සභාගත කිරීම සඳහාය.
ඊයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී සිදුවූ මතගැටුම සම්බන්ධ 'ද ලීඩර් TV ' විශේෂ විශේෂාංගය පහතින් ..