පෙබරවාරි 6 වන දා මහා බ්‍රිතාන්‍යයේ එළිසබෙත් රැජින, සිංහාසනයේ වසර 70ක පාලන සමයක් සනිටුහන් කරමින් ප්ලැටිනම් ජුබිලියක් සමරන පළමු

බ්‍රිතාන්‍ය රාජකීයයා බවට පත්විය.

රැජිනගේ හැත්තෑවැනි ජුබිලිය ඇගේ බලප්‍රදේශයන්හි දී මෙවසර පුරාවට සැමරෙනු ඇත.

මෙන්න ඒ දශක හත මිනිත්තු දෙකකින්.

 





කැමිලාට විශේෂ කිරුළක්

 Queen Elizabeth and Camilla, Duchess of Cornwall

චාර්ල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ රජු ලෙස කිරුළු පලඳින අවස්ථාවේ ඔහුගේ බිරිඳ වන කැමිලාට විශේෂ කිරුළක් ලබාදීමට නියමිත බව වාර්තා වෙයි.

එය එලිසබත් රැජිනගේ මවට අයත් මිල කළ නොහැකි කිරුළක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

සුප්‍රකට කොහිනූර් දියමන්තිය සමග තවත් වටිනා දියමන්ති 2,800ක් අල්ලා තැනූ එය සාදවා ඇත්තේ හයවැනි ජෝර්ජ් රජුගේ කිරුළු පැලඳවීමේ උත්සවය සඳහාය.

චාර්ල්ස් රජ වූ පසු කැමිලා රැජිනක් ලෙස හැඳින්විය යුතු බවත් එලිසබත් රැජින ඊයේ නිවේදනය කළේය.

එලිසබත් රැජිනගෙන් පසු කිරුළ හිමිවන්නේ ඇගේ වැඩිමල් පුත්‍රයා වන චාර්ල්ස් කුමරුටය.


(මුලාශ්‍රය - BBC සිංහල සේවය)



Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්