ලෝක විවාහක රූ රැජින තරගය නියෝජයන කිරීම සඳහා සුදුසුකම් ලැබු ශ්‍රි ලංකා විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වා දරණ 'ශ්‍රි ලංකා විවාහක රූ රැජින නාමය' අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට

විවාහක රූ රැජින සංවිධාන කමිටුවේ අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ පියවර ගෙන ඇත.

තම සංවිධානයට පැවරී ඇති නිත්‍යානුකුල බලතල අනුව මෙම පියවර ගත් බවත්, ඒ අනුව පුෂ්පිකා ද සිල්වා ට 'ශ්‍රී ලංකා විවාහක රූ රැජින' යන නාමය දේශීය වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් හෝ මොනයම් ආකාරයකින් හෝ භාවිතා  කිරීමට නොහැකි බව එම කමිටුවේ අධ්‍යක්ෂවරයා මෙන්ම ලෝක විවාහක රූ රැජින තරගාවලිය වෙනුවෙන් දේශීය නියෝජිතයා වශයෙන් කටයුතු කරන චන්දිමාල් ජයසිංහ නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.

ශ්‍රි ලංකාව නියෝජනය කරමින්  ලෝක විවාහක රූ රැජින තරඟයට ඉදිරිපත් වු පුෂ්පිකා ද සිල්වා එම පදවිය දරාගෙන රටේ ගරුත්වයට හානි වන සේ විනය සහ ආචාර ධර්ම උල්ලංඝනය කරමින් හැසිරී ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.

ඇගේ වැරදි හැසිරීම, ප්‍රසිද්ධියේ බොරු චෝදනා කිරීම, හෙළා දකින බවත්, රූ රැජිනකින් බලාපෙරොත්තු වන ආචාර ධර්ම හා විනය ඇය උල්ලංඝනය කර  ඇති බවට පැහැදිලිව පෙනී යන බවත් එම නිවේදනයේ සඳහන් වේ.

රට නියෝජනය කරමින් දූත මෙහෙවරක් කරන අයකුට ඒ ආකාරයේ හැසිරීම කිසිසේත් සුදුසු නොවන බවද තමන් ප්‍රසිද්ධියේ චෝදනා කරන බවද චන්දිමාල් ජයසිංහ ගේ නිවේදනයේ සඳහන් වේ.

පුෂ්පිකා ද සිල්වාට මින් ඉදිරියට ශ්‍රි ලංකා විවාහක රූ රැජින කිරුළට අයත් නාමය දේශිය හෝ අන්තර් ජාතික වශයෙක් භාවිතා කරන්න අයිතියන් නොමැති  බවද චන්දිමාල් ජයසිංහ දන්වා සිටියි.

යම් හෙයකින් මින් ඉදිරියට දේශිය වශයෙන් හා අන්තර් ජාතික වශයෙන් එම නාමය  භාවිතා කළ හොත් ඇයට විරුද්ධව නීත්‍යානුකුළ ක්‍රියා මාර්ග ගන්නා බවට ද එම නිවේදනයේ වැඩිදුරටත් වේ.

 

272967889 925289521515769 4589180521541461139 n

 


පුෂ්පිකා ද සිල්වා ශ්‍රි ලංකාව නියෝජනය කරමින් ඇමෙරිකාවේ ලාස්වේගාස් හි පසුගිය ජනවාරි මස 25 වැනි දා පැවැති ලෝක විවාහක රූ රැජින තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර එහිදී අවසන් 6 දෙනා අතරට පැමිණීමට හැකි විය.

අනතුරුව ඇය Truth With Chamuditha යූටියුබ් නාලිකාව සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවක දී තමාට හිමිවීමට නියමිතව තිබු ලෝක විවාහක රූ රැජින කිරුළ කුමන්ත්‍රනකාරි ලෙස තමට අහිමි කළ බවට හිටපු විවාහක රු රැජිනක් වන රෝසි සේනානායක හා විවාහක රූ රැජින සංවිධාන කමිටුවේ අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ වෙත චෝදනා කර තිබිණි. තරඟයේ අවසන් විනිශ්චය ද යම් කිසි කෙනෙකුගේ මැදිහත්වීමකින් වෙනස් කර ඇතැයි ද පුෂ්පිකා එහිදී පුන පුනා ප්‍රකාශ කළාය.

තමාට එරෙහිව සමාජ මාධ්‍යයේ යූ ටියුබ් නාලිකාවක් හරහා එල්ල කර ඇති චෝදනාවලට දේශීය හා අන්තර්ජාතික අධිකරණ ක්‍රියාමාර්ගයක් ඔස්සේ පිළිතුරු සැපයීමට කටයුතු කරන බව රෝසි සේනානායක පසුව ප්‍රකාශකර තිබිණ.

පුෂ්පිකාගේ මෙම හැසිරීම දේශපාලන ක්ෂේත්‍රයේද දැඩි කතාබහකට ලක්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත්තේ යහපාලන ආණ්ඩුවේ හිටපු තරුණ ඇමතිවරයකු වෙතයි.  

dfgdghr
 
2021 වසරේ අප්‍රේල් මස 04 වැනි දින නෙළුම් පොකුණ රඟහලේ දී පැවැති තරඟයෙන් පුෂ්පිකා ද සිල්වා ශ්‍රි ලංකා විවාහක කිරුළ දිනාගන්නා ලදි.
 
කෙසේ වෙතත්, ප්‍රභූවරුන් වේදිකාවෙන් පිටව ගොස් නව රූ රැජින ජයග්‍රාහී ගමනේ යෙදී සිටියදී, එවකට ලෝක රූ රැජින වන කැරොලයින් ජූරි වේදිකාවට නැග ප්‍රකාශ කළේ ජයග්‍රාහිකාව වන පුෂ්පිකා ද සිල්වා තරඟ නීති කඩකර ඇති බැවින් විවාහක රූ රැජින කිරුළ දිනා ගැනීමට සුදුසුකම් නොලබන බවයි.
 
ඇය ඉන්පසු තරඟයේ ජයග්‍රාහිකාව ලෙස අනුශූරතාවය ලබාගත් තරගකාරිය ප්‍රකාශයට පත් කළාය.

මෙම සිද්ධිය ජාත්‍යන්තරයේ පවා අවදානයට ලක්වූ අතර අනතුරුව ඇය පසුගිය වසරේ (2021) අප්‍රේල් 20දා සිය කිරුල අත්හරින බව නිල වශයෙන් දැනුම්දෙනු ලැබුවාය.
 

 

සබැඳි පුවත් :

රෝසි, පුෂ්පිකාට හා චමුදිතට එරෙහිව නඩු මගට !

'මට ලෝක රූ රැජින කිරුල අහිමි කළේ කුමන්ත්‍රණයකින්' - පුෂ්පිකා

විලාසිතා සහ නිරූපණ ක්ෂේත්‍රයට පිළිගත් නීති පද්ධතියක් අවශ්‍යයි - කැරොලයින් ජූරි    

කැරොලයින් ජූරි, Mrs. World කිරුළු අතහරින බව නිල වශයෙන් දැනුම් දේ (ලිපිය මෙන්න)    

විවාහක රූ රැජින අවසන් තරඟයේ ගැටුමක් - කැරොලයින් ජූරි, පුෂ්පිකාගේ කිරුළ උදුරගනී !  

 

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්