ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිරගත කොට සිරකරුවන් ජිනීවා මානව හිමිකම් සැසිය ඉලක්ක කොට කඩිමුඩියේ නිදහස් කිරීමේ වැඩසටහන යටතේ ක්ලේමෝ බෝම්බයක් ළඟ තබා ගත් බවට
චෝදනා කරමින් සිරගත කොට සිටී අට දෙනකු නිදහස් කර තිබේ.
වසර තුනකුත් මසකට පසු නිදහස ලැබූ කාන්තාවන් තුන්දෙනකු හා පිරිමි පස් දෙනකු වවුනියා මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ [8] ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී නීතිපති උපදෙස් අනුව ඇප මත මුදා හැරිණි.
පුලියන්කුලම පොලීසිය මගින් 2019 ජනවාරි 05 වැනිදා අත්අඩංගුවට ගත් මෙම පිරිස ක්ලේමෝ බෝම්බයක් ළඟ තබා ගත්තේ යැයි ත්‍රස්ත පනත යටතේ චෝදනා කොට සිරගත කෙරිණි.
පොලිසිය අත්අඩංගුවට ගත නොහැකි වූ ආනන්ද රාජා නම් සැකකරුට එරෙහිව විවෘත වරෙන්තුවක් ද නිකුත් කර තිබේ.
සිරගත කර සිටී සැකකරුවන් වෙනුවෙන් මානව හිමිකම් සංවර්ධන මධ්‍යස්ථානය මහාධිකරණයේ නඩුවක් ගොනු කරමින් ත්‍රස්ත පනත යටතේ දිගින් දිගට සිරගත කොට තබා ගැනීම ඇතුළු ඊට අදාල කරුණු පෙන්වා දී තිබුණි.
එම කරුණු කෙරෙහි අවධානය යොමු කළ නීතිපති දෙපාර්තමේන්තුව අදාළ නිර්දේශ වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප නියම කෙරුණු බව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටී නීතිඥ එස්.කේදීස්වරම් පැවසීය.