එක්සත් ජාතික පක්ෂයේ වැඩ බලන ජාතික සංවිධායක ලෙස හිටපු අමාත්‍ය සාගල රත්නායක පත්කර තිබේ. ඔහු මේවනවිට එජාපයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති

ලෙස කටයුතු කරයි.

එම පක්ෂයේ 2021 වර්ෂය සඳහා වූ නිලධාරි මණ්ඩලය පත් කිරීමේදී හිටපු අමාත්‍ය නවින් දිසානායක ජාතික සංවිධායක තනතුරු සඳහා පත් කළ නමුත් ඔහු එය තනතුර භාර නොගැනිම හේතුවෙන් වසරක කාලයක් තිස්සේ අදාළ තනතුරු පුරාප්පාඩුව පැවතුණි.

එම තත්ත්වය තුළ 2022 වසර නව නිලධාරි මණ්ඩලය පත් කිරීම දි ජාතික සංවිධායක ධුරය සඳහා සාගල රත්නායක පත්කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව එළඹෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එම තනතුර සඳහා සාගල රත්නායක නිල වශයෙන් පත්කිරීමට නියමිතව තිබේ.

එජාප ජ්‍යෙෂ්ඨ උප සභාපති සාගල රත්නායක ගේ මුලිකත්වයෙන් 'සිරිකොත' එජාප මුලස්ථානයේ මේවනවිට පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති අතර, ඊට අමතරව ඔහු මහනුවර, මාතලේ සහ මාතර දිස්ත්‍රික්කයේ එජාප සංවිධාන කටයුතු භාරවද කටයුතු කරයි.


 

Leader Whats app

 

 

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්