දේශපාලන පවුල පසුබිමකින් තොර ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂවලින් නාම යෝජනා ලැබීම සැක සහිත බැවින් තරුණයින්

වෙනුවෙන් කැපවුණු නව දේශපාලාන පක්ෂයක්, නිර්මාණය කිරීම ගැන සොයා බලමින් සිටින බව තරුණ සංවිධානයක නායකයෙක් පවසයි.  

නව පක්ෂයක් පිහිටුවන්නේ ද, ඒ සඳහා අවකාශයක් පවතින්නේ ද යන්න පිළිබඳව මාස 18 ක් මුළුල්ලේ ගවේෂණය කරමින් සිටින අතර, ඒ සම්බන්ධ තීරණය නුදුරු අනාගතයේ දී එළිදක්වන බව ද "සියවසට ශ්‍රී ලංකා" සංවිධානයේ නිර්මාතෘ කණ්ඩායමේ සාමජිකයෙකු වන ප්‍රශාන් ඩි වීසර් (Prashan De Visser)
සඳහන් කළේය.

Sandeshaya by Saroj - 'සරෝජ් සමග සංදේශය' යූටියුබ් නාලිකාව සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඒ බව කියා සිටියේ, "සියවසට ශ්‍රී ලංකා" සංවිධානය විසින් පසුගියදා දේශපාලනයට පිවිසීමට බලාපොරොත්තුවන තරුණ, තරුණියන් පිරිසක් වෙනුවෙන් පුහුණු පාඨමාලාවක් දියත්කොට උපාධි ප්‍රදානය කිරීම ගැන අදහස්  දක්වමිනි.

එහිදී ශ්‍රී ලංකාවේ සියලු ජන කණ්ඩායම්, ආගම් සහ ප්‍රදේශ පමණක් නොව කාන්තාවන් ද නියෝජනය කරමින් සිය කණ්ඩායම සමන්විත වන බවත් ප්‍රශාන් ඩි වීසර් කියා සිටියේය.

විශේෂයෙන්ම කාන්තා නියෝජනය පිළිබඳව අදහස් දැක්වූ ඔහු, "ලංකාවේ අසමත්වීම්වලට එක හේතුවක් කාන්තා නියෝජනය අඩුවීම," යනුවෙන් ද සඳහන් කළේය.  


චම්පික රණවකට පිළිතුරු


යුද ගැටුම්වලින් වේදනා විඳි ශ්‍රී ලංකාවේ ජනතාවගේ වේදනාව සුවපත් කිරීමේ අරමුණින් මීට වසර 14 කට පෙර ආරම්භ කරන ලද "එක්වෙමු ලංකා" තරුණ සංවිධානයේ නිර්මාතෘවරයා ද වන ඔහු පවසන්නේ, ශ්‍රී ලංකාවේ තරුණ, තරුණියන්ගෙන් 70% කට වැඩි පිරිසකට තමන්ගේ ජාතියෙන් පිටස්තර මිතුරෙක් නොමැති බවය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සුළු ජාතීන්ගෙන් 80% කට පමණ තමන් මේ රටේ පළමු පෙළ පුරවැසියන් ලෙසින් හැඟෙන්නේ නැතැයි මෑතදී තමන් කළ සමීක්ෂණයකින් හෙළි වූ බවත් ඔහු සඳහන් කළේය.

"ඒ තුවාලයක්, ඒ වේදනාවක් ඔවුන්ට තියෙනව. නිතරම ඔවුන් දෙස සතුරු ආකල්පයකින් බලන බවක්, ඔවුන් සැබවින්ම ශ්‍රී ලාංකිකයින් නොවෙයි කියල මානසිකත්වයක් සමහර විට ඔවුන්ට දැනෙනවා."

ඔහු පවසන්නේ, දස දහසකට අධික ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ පාසල් අතරින් සිංහල සහ දෙමළ මාධ්‍ය දෙකෙන්ම අධ්‍යාපනය ලබා දෙන්නේ පාසල් 113 ක පමණක් බවය.  

 

එබැවින් "මනුෂත්වය අගයන, එක් වූ ලාංකික අනන්‍යතාවක් සහිත රටක් සොයා යාමේ," අරමුණින් අනාගත පරපුර සමග අත්වැල් බැඳගෙන ගමන් කිරීම "එක්වෙමු ලංකා" සංවිධානය ආරම්භ කිරීමේ අරමුණ වූ බවත් එහි නිර්මාතෘ ප්‍රශාන් ඩි වීසර් වැඩිදුරටත් කියා සිටියේය.

 

යුද්ධයේ දී සිදු වූ අපරාධ අමතක කළ යුතු බවට හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පසුගියදා "සරෝජ් සමග සංදේශය" නාලිකාව සමග කළ ප්‍රකාශය ගැන  සරෝජ් පතිරණ විමසූ අවස්ථාවේ ප්‍රශාන් ඩි වීසර් කියා සිටියේ තමන එම ප්‍රකාශය දැඩිව ප්‍රතික්ෂේප කරන බවය.


ලොව පුරා යුද ගැටුම් පිලිබඳ අත්දැකීම විමසා බැලීමේ දී රටවල් ප්‍රගතියක් ලබා තිබෙන්නේ එවැනි ගැටුම්වල වේදනාවන්ට සානුකම්පිතව සවන් දුන් සහ පිළියම් යෙදූ රටවල පමණක් යයි සිය අධ්‍යයනවලින් හෙළි වී තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.

 

 new o


Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්