අතීතය ගැන වාද විවාද කිරීමට වඩා රට යලි ගොඩනගන්නේ කෙසේදැයි පොදු වේදිකාවක සිට සාකච්ජා කිරීම කාලින අවශ්‍යතාවයක් බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.


හැම මාසයකම පළමු සතියේ දී රාජ්‍ය ණය සහ ණය සේවා පිළිබඳව වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබා දෙන ලෙස  ද හෙතෙම පාර්ලිමේන්තුවේ දී අද (10) ඉල්ලීමක් කළේය.

ලංකාවේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියනයකට වඩා අඩු බවට තොරතුරු ලැබී තිබෙන බව කී හිටපු අගමැතිවරයා, රජයේ විදේශ විනිමය සංචිතය පිළිබඳව පැහැදිලි තොරතුරු රජයට ලබාදිය යුතුව තිබෙන බවද සඳහන් කළේය.

"ව්‍යවස්ථාව 148 වන වගන්තියේ රාජ්‍ය මුදල් පාලනය ලැබී ඇත්තේ මේ පාර්ලිමේන්තුවටයි. අප විටින් විට ඉල්ලා තිබුනත් ඒ සමහර තොරතුරු ලැබී නැහැ. මා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවෙන් ඉල්ලීමක් කරන්න කැමතියි.

හැම මාසයකම පළමු සතියේ දී අපට රාජ්‍ය ණය සහ ණය සේවා පිළිබඳව වාර්තාවක් මේ සභාවට ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. එවිට අපට ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට හැකියාව තිබෙනවා.

අද තිබෙන සමහර කරුණු වල චීනයෙන් සහ ඉන්දියාවෙන් එන currency swap (මුදල් හුවමාරු)සහ credit line ඇතුළත් කර තිබෙනවා.ඒ ගණන් හිලව් අපට වෙනම ලබාදෙන්න . මේ තොරතුරු ලබා දෙනවා නම් අඩු ගණනේ මූල්‍ය ස්ථාවර බවක් ඇතිවෙනවා"යනුවෙන් ද හිටපු අගමැතිවරයා පැවසීය.


''IMF වාර්තාව සභාගත කරන්න ''

 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සමග රජය සිදුකරන කතාබහ පිළිබඳව අදහස් දැක්වූ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඒ සම්බන්ධයෙන් වූ වාර්තා ද පාර්ලිමේන්තුව තුළ සභාගත කරන ලෙස ඉල්ලා සිටියේය.

''මම නියෝජ්‍ය  කතානායක තුමාගෙන් ඉල්ලීමක් කළා. IMF එක යටතේ 4 වන වගන්තිය ලංකා ආණ්ඩුවයි IMF එකයි සාකච්ජා කරපු වාර්තාව පෙබරවාරි 3 වන සතියේ තමයි, විශේෂයෙන්ම ඒ අයගේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් අනුමත කරන්නේ. එකත් මේ සභාවට ලබලා දෙන්න.

 ඊට පස්සේ අපට සාකච්ජාවක් තියන්න පුළුවන්, මෙතනින් ගත යුතු ඊළඟ ක්‍රියාමාර්ගය කුමක්ද? කියල සාකච්ජා කරන්න පුළුවන් නම් එක වැදගත්..'' යයි ද ඔහු පැවසිය.

''අතීතය වැඩක් නෑ එක අපට පොදු වේදිකාවක සාකච්ජා කරන්න පුළුවන්'' යයි ද ඔහු  වැඩිදුරටත් කියා සිටියේය.
 
 

 

Leader Whats app

 

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image