ඉහල යන ජිවන වියදම හමුවේ සහන සැලසීමක් ලෙස රජයේ සේවකයන්ට ලබා දෙන රුපියල් පන්දහසේ දීමනාව තමන්ට ද ලබා නොදෙන්නේ නම් වැඩ

වර්ජනය කිරීමට පෙර පාසැල් ගුරුවරුන් තීරණය කර තිබේ.

දශක ගණනාවක් පැවති යුද්ධයෙන් පීඩාවට පත් ජනකායක් වෙසෙන මන්නාරම් දිස්ත්‍රික්කයේ පෙර පාසැල් ගුරුවරු තමන් මුහුණ දෙන ආර්ථික ගැටළු පෙන්වා දෙමින් රුපියල් පන්දහසේ දීමනාව ලබා දෙන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා හමුවී ඉල්ලා සිටියහ.

''අවුරුදු පහේ සිට විසි පහ දක්වා පෙර පාසැල් ගුරුවරුන්ට සේවා කාලයක් තියෙනවා. අපි ඉල්ලීම් ඉදිරිපත් කරලා මුලින් මාසිකව රුපියල් 3000 ක දීමනාවක් ගත්තා. පස්සේ 4000 ක්. ඊටත් පස්සේ 6000 දක්වා වැඩි කර ගත්තා. ගොඩාක් පෙර පාසැල් ගුරුවරු දුගී දුප්පත් කමින් පෙලෙන ස්ත්‍රීන්. ඒ හින්දා අපි ඉල්ලා හිටින්නේ රජයේ සේවකයන්ට, විශ්‍රාමිකයන්ට දෙන රුපියල් පන්දහසේ දීමනාව අපිටත් දෙන්න කියලා,'' යි මන්නාරම් දිස්ත්‍රික් පෙර පාසැල් ගුරුවරුන්ගේ සංගමයේ ප්‍රකාශිකාවක් පෙන්වා දෙන්නීය.

තම දුෂ්කරතා හා ඉල්ලීම් ගැන උතුරු පළාත් අධ්‍යාපන ලේකම් වෙත ලිඛිතව දන්වා ඇති මුත් මේවන තෙක් ඒ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ඔහුන්ගේ කනස්සල්ලට හේතුවී තිබේ.

කුඩා දරුවන්ගේ මුල් ළමාවිය වර්ධනය වැනි භාරදූර වගකීමක් උසුලන පෙරපාසැල් ගුරුවරුන්ට දක්වන නොසැලකිල්ලට එරෙහිව ගුරුවරු 350 කගේ සහභාගිත්වයෙන් වීරෝධතා ව්‍යාපාරයක් පෙබරවාරි 9 වැනිදා මන්නාරම් නගරයේදී පැවැත්විණි.

 

pre s

 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්