පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශය ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ පූර්ණ එන්නතකරණය ලබා නොගත් පුද්ගලයින්ට පොදු ස්ථානවලට පිවිසීම තහනම් කෙරෙන විධිවිධාන ක්‍රියාවට නැගීම දුෂ්කර විය හැකි බව නීතිවේදීහු

පවසති.

මානව හිමිකම් නීතිවේදී ජගත් ලියන ආරච්චි පෙන්වා දෙන්නේ, විශේෂයෙන්ම පාර්ලිමේන්තුව මගින් සම්මත නොකරන ලද එම විධිවිධාන අධිකරණය හමුවේ අභියෝගයට ලක්විය හැකි බවය.

"Sandeshaya by Saroj" යූටියුබ් නාලිකාව සමග අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, එවැනි අවස්තාවක අධිකරණය එම නියෝග නීත්‍යානුකූල නොවන බවට තීන්දු කිරීමේ හැකියාවක් පවතින බවයි.

එබැවින් අදාළ විධිවිධාන පනත් කෙටුම්පතක් ලෙසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගැනීමේ අවශ්‍යතාව නීතිවේදී ජගත් ලියන ආරච්චි පෙන්වා දෙයි.

නව ගැසට් නිවේදනය මගින් 'පොදු ස්ථාන' යන්න ද අලුතෙන් අර්ථ දක්වා තිබෙන අතර, මේ වසරේ අප්‍රේල් 30 වෙනි දින සිට අදාළ නියෝග ක්‍රියාවට නැගෙන බව ද එහි සඳහන් වේ.

 

 

Leader Whats app

 

 

 

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58