ශ්‍රී ලංකාව නියෝජනය කළ බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක වූ ඕෂධී කුරුප්පු පසුගිය 08 දා සිය ජීවන ගමනින් සමුගත් අතර දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (10) පස්වරුවේ සිදුවිය.


මිය යන විට 27 වැනි වියෙහි පසු වූ ඕෂධී කුරුප්පු හට 2020 වසරේ දී ලියුකේමියා රෝගය වැළඳී තිබූ බවට හඳුනාගත් අතර වසර දෙකක් එයට එරෙහිව සටන් කිරීමෙන් අනතුරුව මෙලෙස ජිවිතක්ෂයට පත්වුවාය.

කොළඹ විශාකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වූ ඕෂධී, කුඩා කළ සිට බැඩ්මින්ටන් ක්‍රීඩාවේ දස්කම් දැක්වූ අතර එම නිසාවෙන් 2015 වසරේ දී ජාත්‍යන්තර බැඩ්මින්ටන් පිටියට පිවිසීමට ඇයට හැකි වුනා.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංචිතය නියෝජනය කරමින් 2016 වසරේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වූ ඕෂධී, එහි කාන්තා කණ්ඩායම් ඉසව්වේ දී ශ්‍රී ලංකා පිල නියෝජනය කරමින් රිදී පදක්කම දිනාගත්තා.

එම තරගාවලියට අමතරව ඕෂධී හට 2016 වසරේ පැවති ආසියානු බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවය සහ 2017 වසරේ පැවති Summer Universiade තරගාවලිය නියෝජනය කිරීමට ද හැකි වුනා.

# Red Bull Ride My Wave තරගාවලිය සාර්ථකව නිමා වෙයි.
# Savate Kickboxing තරගාවලියේ දී ශ්‍රී ලංකාවෙන් ඉහළ දස්කම්
# 2022 ගුවන් හමුදා ක්‍රීඩා සැලසුම් එළිදැක්වේ
# ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කමක්



ක්‍රීඩාවෙන් මෙන්ම අධ්‍යාපනයෙන් ද සමත්කම් දැක්වූ ඕෂධී 2019 වසරේ දී සබරගමුව විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යාව සහ කළමනාකරණ විශේෂ විද්‍යාවේ දී උපාධිය නිමා කිරීමට සමත්ව තිබීම ද විශේෂත්වයක්.


(thepapare.com)

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්