පසුගිය කාල සීමාව තුළ සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (CWE) සිදු වූ බවට සැක කෙරෙන

කෝටි ගණනක අයථා ගනුදෙනු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමත් සමඟ, ඒ පිළිබඳව කඩිනම් පරීක්‍ෂණයක් පවත්වා තමා වෙත වාර්තා කරන මෙන් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද (11) වෙළෙඳ අමාත්‍යාංශ ලේකම්වරිය වෙත නියෝග කර තිබේ.


ඒ අනුව මෙම පරීක්ෂණ කටයුතු නිම වන තෙක් සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති වෙනුර ගුණවර්ධන හා එහි ප්‍රවාහන කළමනාකාර ඉන්දික රත්නමල යන දෙදෙනාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ද අමාත්‍යවරයා පියවර ගෙන ඇත.

මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ද පරීක්ෂණ සිදු කරයි.

වෙළෙඳ අමාත්‍යාංශය යටතේ පවතින සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් නීතීඥ වෙනුර ගුණවර්ධන පත් කර ඇත්තේ ජනාධිපති කාර්යාලයේ නිදේශයක් මතයි.

හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන නීතීඥ වෙනුර ගුණවර්ධන කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ උපාධිධාරියෙකු වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රාජ්‍ය කළමණාකරණය පිළිබඳ විශේෂ උපාධිධාරියකුද වේ.

 


සබැඳි පුවත:

හඬපටයෙන් කියන කෝටි තුනක් වංචා කළ ලොක්කා ?

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්