විශ්ව විද්‍යාලයක් විවෘත කිරීමට වන්නියට ගිය ජනාධිපතිවරයාගෙන් දරුවන් ඉල්ලමින් බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන් දැඩි විරෝධයක් එල්ල කර තිබේ.


 අතුරුදහන් වුවන්ගේ පවුල්වල ඥාතීන්ගේ පෙබරවාරි 11 වැනි සිකුරාදා කළු කොඩි අතැතිව වව්නියාව මන්නාරම ප්‍රධාන මාර්ගයේ දී වව්නියාව විශ්වවිද්‍යාලය විවෘත කිරීම සදහා ගොස් සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විරෝධතා දැක්වු බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

 විරෝධතාකරුවන් ජනාධිපතිවරයා මුණ ගැසීම සදහා විශ්වවිද්‍යාලය දක්වා විරෝධතා පා ගමනින් යෑමට සුදානම් වු මොහොතේ පම්බයිමඩු හමුදා මාර්ග බාධකයේදී නිල ඇදුමින් සැරසී සිටි පොලිස් නිලධාරීන් ඔවුන්ගේ ගමන නතර කර තිබේ.


IMG 20220211 WA0065

IMG 20220211 WA0077

එම බාධා කිරීම හමුවේ නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති විමෙන් පසු එම ස්ථානයට පැමිනි ජනාධිපති කාර්යාංශයේ නිලධාරියෙක් විරෝධතාවයේ යෙදී සිටින දෙමළ මව්වරුන්ට දැනුම් දී ඇත්තේ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීම සදහා අවස්ථාව ලබා දිය හැක්කේ දෙදෙනකුට පමණක් බවයි.

 ජනාධිපතිගේ යෝජනාව ප්‍රතික්ෂෙප කළ මව්වරුන් අවධාරණය කර ඇත්තේ තමන් විසින්ම රජයේ ආරක්ෂක අංශ වෙත බාර දුන් සමීපතමයන්ට අත් කළ ඉරණම දැනගැනීම සදහා ඒ ඉරණමට මුහුණ පෑ සියළු දෙනාම ජනාධිපතිවරයා මුණ ගැසිය යුතු බවයි.

 '' අපි අතින් දුන්න ළමයි කෝ දැන්, අල්ලගෙන ගිය මහත්තයලා, දරුවෝ කෝ දැන්, කවුරුවත්ම නෑ දැන්. ජනාධිපති ඇවිල්ලා මේක ඕපන් කරලා යනවා.ඒ ගොල්ලන්ට සිංහල කට්ටිය ඉන්නවා. අපිට කවුද ඉන්නේ? මේ ලංකාවේ අපිට අයිතියක් නැද්ද?. '' දෙමළ මාතාවක් සිංහල බසින් ජනාධිපති කාර්යාංශයේ  නිලධාරියකුගෙන් විමසන ආකාරය පළාත් බද මාධ්‍යවේදීන්ගේ කැමරා කාචයට හසුව තිබේ.

 වසර ගණනාවක් තිස්සේ බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සමීපතමයන් වෙනුවෙන් රජයෙන් මරණ සහතික, වන්දි මුදල් අවශ්‍ය නොමැති බව අවධාරණය කළ දෙමළ මාතාව සිංහල බසින් තව දුරටත් කියා සිටියේ තමන් විසින්ම බාර දුන් සමීපතමයන්ට අත්වු ඉරණම කුමක්දැයි දැනගැනීම පමණක් අවශ්‍ය  බවයි.

 වාර්තාකරුවන් වැඩි දුරටත් පවසන්නේ ජනාධිපතිවරයා මුණ ගැසීම සදහා විරෝධතාකරුවන්ට අවස්ථාවක් හිමි නොවු බවයි.




17 වැනි රාජ්‍ය විශ්වවිද්‍යාලය


 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විවෘත කළ වව්නියාව විශ්වවිද්‍යාලය මෙරට 17 වැනි රාජ්‍ය විශ්වවිද්‍යාලය බව විශ්වවිද්‍යාල ප්‍රතිපාල කොමිෂන් සභාව සදහන් කරයි.

 යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපය, වව්නියාව විශ්වවිද්‍යාලය ලෙස නම් කිරිමට අදාල ගැසට් නිවේදනය පසුගිය වසරේ ජුනි මස 08 වැනිදා  නිකුත් කර තිබුණි.

 විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය චන්දන උඩවත්ත සදහන් කරන්නේ මෙම විශ්වවිද්‍යාලය ව්‍යවහාරික විද්‍යා, කළමනාකරණ හා මූල්‍ය යන පීඨ තුනකින් එය සමන්විත බවයි.

 මේ වන විටත් වව්නියාවේ විශ්වවිද්‍යාලය සදහා සිංහල සිසුන් 400 පමණ ලියාපදිංචි වී සිටින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ජනමාධ්‍ය වෙත පවසා තිබේ.

 

 

 

 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්