ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම අවසන් විකල්පය විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා පවසයි.

ඊයේ (16) පැවැත්වූ මාධ්‍ය හමුවකදී අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසුවේ එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති අපේක්ෂකයා තෝරා ගත නොහැකි නම් එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රහස් ඡන්දයකින් අපේක්ෂකයා තෝරා ගතයුතු බවයි.

sep 17 Text 1එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ සහ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රහස් ඡන්දයකින් ජනාධිපති අපේක්ෂකයා තෝරා ගතහැකි බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස ද පවසයි. 

රහස් ඡන්දය ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමේ අවසන් විකල්පය වියයුතු බව අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා කියාසිටියේ මේ සම්බන්ධයෙන් 'නෙත් නිවුස්' කළ විමසීමකදීය.

එහිදී "සාකච්ඡා යනවනේ දෙපාර්ශ්වය අතර. රහස් ඡන්ද නැතුව දැනට තීරණය කරගත්තොත් බොහොම හොඳයි. නැතිනම් ඉතින් අර වගේ රහස් ඡන්දයකට යෑමට වෙන්නත් පුළුවන්. අපි ඔක්කොම මොන තීරණය ගත්තත් එක තීරණයක් ගත්තාට පසු එකට යන්න ඕනේ. මම කියන්නේ..එකවරම අපි ප්‍රකාශ කරන්න ඕනේ ජනාධිපති අපේක්ෂකයා අහවලා.. අගමැති අපේක්ෂකයා අහවලා කියලා.. " යනුවෙන් ද සඳහන් කළේය.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් ද විමසීමක් කළ අතර එහිදී ඔහු පැවසුයේ, එක්සත් ජාතික පක්ෂයේ බෙදීමක් නොමැති බවයි. සුදුසුම අපේක්ෂකයා සුදුසුම අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය විසින් නම් කරනු ඇතැයි ද ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.

 

‘‘කමිටු වාර්තාව ලැබුණු සැනින් අපේක්ෂකයා නම් කරනවා‘‘

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම  සම්බන්ධයෙන් පත් කෙරුණු කමිටු වාර්තාව ලැබුණු සැනින් ජනාධිපති අපේක්ෂකයා නම් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඊයේ (16) ප්‍රකාශ කර තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර කොළඹ අරලියගහ මන්දිරයේ ඉකුත්10 දා පැවැති සාකච්ඡාවෙන් පසු මෙම කමිටුව පත් කෙරිණි.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අග්‍රාමාත්‍ය උපදේශක දිනේෂ් වීරක්කොඩි, රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් සහ සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහත්වරු එම කමිටුවේ සාමාජිකයෝ වෙති.

sep 17 Text 2එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේ දී මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම් ඊයේ පස්වරුවේ පැවැත්විණි.

මෙහිදී අදහස් දක්වමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර සඳහන් කර ඇත්තේ ජනාධිපති සිහිනය බොහෝ දෙනෙක්ට තිබෙන නමුත් දිනන අපේක්ෂකයා කවුදැයි හඳුනා ගෙන ඔහුට සහයෝගය ලබාදිය යුතු බවයි.

මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසු 'ලංකාදීපය'ට අදහස් දක්වමින් සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පවසා ඇත්තේ, අපේක්ෂකයන් නම් කිරීම ප්‍රමාද කරන්නේ අගමැතිවරයා නොව ජනාධිපති සිහින ඇති ඇමතිවරුන් කීප දෙනෙක් බවයි.

ඇමතිවරුන්ගේ සිහින වලට වඩා මුල් තැන දිය යුත්තේ පාක්ෂිකයන්ගේ සිහිනවලට බව පවසන නියෝජ්‍ය අමාත්‍යවරයා, තවදුරටත් මේ ප්‍රශ්නය ඇදගෙන යනවා නම් එලෙස ප්‍රමාද කරන්නේ කවුදැයි රට හමුවේ හෙළි කරන බවද කියා සිටියි.

සැබැවින්ම විනය පරීක්ෂණ තැබිය යුත්තේ පක්ෂට වින කටින පිරිසට  බවද නලින් බණ්ඩාර නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්