මේ වන විට රට මුහුණපා ඇති දැවැන්ත ආර්ථික අර්බුදයට තිරසාර විසදුමක් ලබා දීම සඳහා රජය වහාම කටයුතු කළ යුතු බව දක්වමින් පාර්ලිමේන්තුව

නියෝජනය කරන විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ, සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, දෙමල ජාතික සන්ධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර් සම්පන්දන්, එම් ඒ සුමන්තිරන්, ශානක්කියන් රාසමාණික්කම් මෙන්ම ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ දෙමළ ප්‍රගතශීලි සන්ධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්ගේ අත්සනින් යුතුවයි.

එම  ඒකාබද්ධ නිවේදනයට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන කබීර් හෂීම්, හර්ෂ ද සිල්වා, රිෂාඩ් බදියුදීන් සහ එරාන් වික්‍රමරත්නද අත්සන් තබා ඇත.

 

එමෙන්ම ලංකා සම සමාජ පක්ෂය වෙනුවෙන් මහාචාර්ය තිස්ස විතාරණ සහ සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරූ ජයසූරිය ද එම ඒකාබද්ධ නිවේදනයට අත්සන් තබා තිබීම විශේෂ කාරණයකි.

 

ඔවුන් විසින් සිදු කළ විශ්ලේෂණයන්ට අනුව වර්තමානයේ රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදය හා සම්බන්ධ ප්‍රධාන අභියෝග 04ක් මෙම ඒකාබද්ධ නිවේදනය හරහා ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල තත්ත්වය, විදේශ සංචිත ප්‍රමාණය පහත වැටීම, රජයේ ණය පොලී වියදම සහ රටේ ණය ප්‍රමාණය වැඩි වීම සම්බන්ධයෙන් මෙම කරුණු ඉදිරිපත් කර ඇත.

 

මෙම තත්ත්වය හමුවේ පවතින්නේ විශාල අභියෝගයක් බව දේශපාලන පක්ෂ නියෝජිතයින් සිය ඒකාබද්ධ නිවේදනයෙන් පෙන්වා දී තිබෙන අතර මෙම අසීරු අවස්ථාවේදී රටක් ලෙස සියලු දෙනා එක්ව කටයුතු කරමින් මෙම ආර්ථික අභියෝග ජය ගැනීමට කටයුතු කළ යුතු බව අවධාරණය කර තිබේ.

 

මෙම ඒකාබද්ධ නිවේදනයක් නිකුත් නිකුත් කර ඇත්තේ ජනවාරී මාසයේ අග පැවති සාකච්ඡාවකින් පසුවයි.

මේ සම්බන්ධයෙන් වූ මුලික සාකච්ජාවට පාර්ලිමේතුව තුළ ආර්ථික කටයුතු පිලිබඳ කාරක සභාව සභාපතිවරුන් තිදෙනාටද ආරාධනා කර තිබී ඇත. ඒ අනුව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE -The Committee On Public Enterprises) සභාපති මහාචාර්ය චරිත හේරත්, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) සභාපති, හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ ද මෙම සාකච්ජාවට සහභාගී වී තිබේ.

එසේම, එම  මුලික සාකච්ජාවට පාර්ලිමේන්තුව තුල විපක්ෂය නියෝජනය කරන එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ සහභාගී වී අතර ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසුරිය 'සුම්' තාක්ෂනය ඔස්සේ එක්ව ඇතත් ඔවුන් මෙම ඒකාබද්ධ නිවේදනයට අත්සන් කර නොමැත.


හිටපු අගමැතිගේ ස්ථාවරය :


කෙසේවුවද හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවසන්නේ, ජාත්‍යන්තර මුල්‍ය අරමු⁣දලේ 4 වගන්තිය යටතේ ශ්‍රී ලංකා රජය සහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර සාකච්ඡා පිළිබඳ වර්තාව පාර්ලිමේන්තුවට ලබාදිමෙන් අනතුරුව ගතයුතු සිය ස්ථාවරය ප්‍රකාශ කරන බවයි.

ඔහු එබව කියා සිටියේ, රට මුහණ පා සිටින ආර්ථික අර්බුදයට සාමුහික ප්‍රතිචාර මැයෙන් සුමන්දිරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ආරාධනයෙන් පැවැති සාකච්ඡාව පිළිබඳ නිකුත් කෙරුණු එකාබද්ද නිවේදනයට අත්සන් නොකිරීම පිළිබඳව කළ විමසීමේදී ය.

වට දෙකකින් පැවැති මෙම සාකච්ඡාවට තමන් සහාභගි වුයේ එක් වටයක් පමණක් බවත්, එමෙන්ම අදාල එකාබද්ද නිවේදනයට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසුරිය හා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක ද අත්සන් කර නොමැති බව ඔහු පැවසිය.

IMF වර්තාව මෙන්ම රාජ්‍ය ණය සහ ණය සේවා පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුව ට ලැබිමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂය හා විපක්ෂයේ සියලු ම කාණ්ඩයම් සමග සාකච්ඡා කර පොදු  ස්ථාවරයක් ගත හැකි බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය. 

 
''රහස් සාකච්ජාවක් නොවේ''
 

රට යළි ගොඩනැගීම සඳහා රජයට ඉදිරිපත් කලයුතු යෝජනාවලියක් සම්බන්ධයෙන් පැවති 'සුමන්තිරන් සාකච්ජා'  සඳහා වෙරිටේ රිසර්ච් හි විධායක අධ්‍යක්ෂවරයා වන නිශාන්, අනිලා ඩයස් බණ්ඩාරනායක වැනි ආර්ථික ක්ෂේත්‍රයේ විශේෂඥයින් කිහිප දෙනෙකුද සහභාගී වී ඇත. 

මෙම සාකච්ඡාව පිළිබඳ මීට පෙර මාධ්‍යවෙත කරුණු වාර්තා නොවූ අතර තමන් විසින් විපක්ෂයේ පක්ෂ නායකයින් කැඳවා මෙම සාකච්ඡාව පැවැත්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් පැවසිය.
 

collective response page 0001collective response page 0002collective response page 0003collective response page 0004collective response page 0005

Leader Whats app

 

 

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්