theleaderlk 01

ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින්ම අගය කළ මානව හිතවාදී ගුණයෙන් හෙබි මංගල සමරවීර වැනි ශ්‍රේෂ්ඨ දේශපාලනඥයෙක්,

අවශ්‍යම කාල වකාවනුවක රටට අහිමිවීම දැරිය නොහැකි පාඩුවක් යැයි සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් පවසයි.

දිවංගත, හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාට ශෝකය පළ කිරීම සඳහා වූ යෝජනාව, පසුගිය 11වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ අදහස් දක්වමින් බදියුදීන් මන්ත්‍රීවරයා එසේ පැවසීය.

බදියුදීන් මන්ත්‍රීවරයා මෙසේ ද සඳහන් කළේය.

“ජාතීන් අතර සංහිදියාව ඉහළින්ම අගය කළ, සෑම ජාතියකට සමානව සැලකු දේශපාලනඥයෙක් වූ දිවංගත මංගල සමරවීර මහතා, සුවිශේෂ මානව හිතවාදී ගුණාංගයෙන් පිරිපුන් ආදර්ශමත් චරිතයක්. එතුමා ගොඩ නගාගෙන තිබූ තමන්ටම අනන්‍යවූ ප්‍රතිරූපය, මතවාද, ප්‍රතිපත්තිය සියලු දෙනාට ම පරමාදර්ශී චරිතයක්. එතුමා මෙරට දේශපාලන ඉතිහාසයේ නොමැකෙන සටහන් තැබූ දක්ෂ අමාත්‍යවරයෙක්.

අසීරු අවස්ථාවලදී, ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව ප්‍රතිරූපය ආරක්ෂා කිරීම වෙනුවෙන් එතුමා නැඟූ හඬ ප්‍රභලයි. බලය ලබා ගැනීමට ජාතිවාදී ස්වරූපයෙන් ඇතැමුන් ක්‍රියා කළ අවස්ථාවල, ජාතික සමගිය ආරක්ෂා කිරීම වෙනුවෙන් මංගල සමරවීර මැතිතුමා සුවිශේෂ කාර්යයක් ඉටු කළා.

මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වීමට පෙර සිටම මංගල සමරවීර මැතිතුමා ඇසුරු කළා. එතුමා මගේ දේශපාලන ගමනට උදව් කළා.

එතුමාගේ දැනුම, සේවය, රටට අවශ්‍යම අවස්ථාවක අහිමිව ගිහින්. එතුමාගේ අහිමිවීම සුළු ජාතික ප්‍රජාවට දැරිය නොහැකි පාඩුවක් හැටියට මම දකිනවා. දිවංගත වූවත්, එතුමාගේ ප්‍රතිපත්ති තවත් චිරාත් කාලයක් රටේ පවතිනු ඇතැයි මම අපේක්ෂා කරනවා.” යැයිද කීවේය.

 

 

Leader Whats app