අත්අඩංගුවට ගැනීම්, පහරදීම් හා බෝට්ටු වෙන්දේසි කිරීම් නවතා දමන ලෙස ඉල්ලා තමිල්නාඩු ධීවරයෝ ඉන්දීය හා ලංකා ආණ්ඩුවලට එරෙහිව
උද්ඝෝෂණයක් අරඹා තිබේ.

''දින 15 ක් ඇතුලත ලංකා ආණ්ඩුවේ සිරගතව සිටින අපේ ධීවර සගයෝ සහ ඔවුන්ගේ බෝට්ටු නිදහස් කරන්න ඕනෑ. ලංකා ආණ්ඩුව වෙන්දේසි කරපු බෝට්ටු ආපසු තමිල්නාඩුවට බාර දෙන්න ඕනෑ. නැත්නම් අපි අපේ බෝට්ටු අවසර පත්,ධීවර හැඳුනුම්පත්, පුරවැසි හැඳුනුම් පත් ඔක්කොම ආපහු ආණ්ඩුවට බාර දෙනවා. අපිව ඉන්දියන් පුරවැසියෝ ලෙස සලකලා අපේ ප්‍රශ්න වලට ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැති නිසා,''යැයි රාමේශ්වරම් දුම්රිය ස්ථානය වටලා ''සේතු එක්ස්ප්‍රස් '' දුම්රිය ධාවනය නවතා උද්ඝෝෂණය කිරීමෙන් අනතුරුව ධීවර සංගම් නියෝජිතයෝ පැවසුහ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි පෙබරවාරි 11 වැනිදා දෙවැනි දිනටත් උද්ඝෝෂණය පවත්වමින් ලංකා නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන සිරගත කර සිටින තමිල්නාඩු ධීවරයන්ගේ පවුල් වල සාමාජිකයන් ඇතුළු ධීවරයන් 300 කට වැඩි ප්‍රමාණයක් රාමේශ්වරම් ධීවර වරායේ සිට දුම්රිය ස්ථානය කරා පෙළපාලියේ ගොස් දුම්රිය මග අහුරා වාඩිලා ගෙන ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට සහ ලංකා ආණ්ඩුවට විරෝධය පාන්නට විය.
 
 
 
රාමේශ්වරම් සිට චෙන්නායි බලා දිවෙන 'සේතු එක්ස්ප්‍රස්' දුම්රිය නවතා උද්ඝෝෂණයේ යෙදුනු ධීවරයන් හමුවට සියයකට අධික පොලිස් බල ඇණියක් කැඳවා තිබුනද එය නවතා දැමීමට ඔවූන් එකඟ වී නැත. පසුව පොලිසිය සමඟ  පැවති කතා බහකින් අනතුරුව ධීවරයෝ දුම්රිය මගෙන් ඉවත්ව තිබේ.
 
 
 
මුහුදු සීමාව පැන ලංකා මුහුදේ මසුන් මරමින් සිටිය දී පෙබරවාරි 07 වැනි සදුදා මධ්‍යම රාත්‍රියේදී ලංකා නාවික හමුදාව මගින් ගත් ධීවරයන් 11 දෙනකු සහ  ඔවුන්ට අයත් යාන්ත්‍රික බෝට්ටු අත්අඩංගුවට ගැනිණි.

තලෙයිමන්නාරමට උතුරෙන් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ මෙහෙයුමකදී, මෙරට මුහුදු සීමාව තුළට ඇතුළුවී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් සමඟ ඉන්දීය ධීවරයන් 12ක්, 2022 පෙබරවාරි මස 12 දින රාත්‍රියේද අත් අඩංගුවට ගන්නා ලද බව නාවික හමුදාව පවසයි.

 කිලිනොච්චි මහේස්ත්‍රාත් විසින් ලබන 25 දා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පළාතේ මාධ්‍යවේදීහු පවසති.

අත්අඩංගුවට ගැන රඳවා ගෙන සිටින ධීවරයන් නිදහස් කරන ලෙසත්, ලංකා හමුදාව විසින් දිගින් දිගටම සිදු කරන පහර දීම් නවතා දමන ලෙසත්, දැනට ලංකා ආණ්ඩුව මගින් කරගෙන යන ධීවරයන්ගේ බෝට්ටු  වෙන්දේසිය නවතා දමන ලෙසත් ඉල්ලා පෙබරවාරි 09  බදාදා මධ්‍යම රාත්‍රියේ සිට මුහුදු යාම වර්ජනය කරමින් රාමේශ්වරම් ධීවරයෝ උද්ඝෝෂණයක් දියත් කළහ.

ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා පවසන්නේ ඉන්දීය ආණ්ඩුවේ ඉල්ලීම පරිදි බෝට්ටු වෙන්දේසිය සිදු කරන  බවයි.


සබැඳි පුවත් :

තමිල්නාඩු බෝට්ටු වික්කේ 'ඉන්දියාවේ ඉල්ලීමටයි' ඇමති ඩග්ලස්


Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්