දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට දහයක් පමණ මේ වන විට බොල් ණය තිබෙන අතර එම ප්‍රශ්නය විසඳුවේ නැතිනම් බැංකු ක්‍රමය කඩා වැටීමේ අවදානමක්

තිබෙන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

මෙම තත්ත්වයන් බැංකුවලට දරා ගන්නට බැරි තරම් බරක් වනු ඇතැයි පවසන හිටපු අගමැතිවරයා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් මේ කාරණය ගැන  සාකච්ඡා කරන්නැයි තමා පුන පුනා කියන්නේ ඒ නිසා බවද කියා සිටියි.


ඔහු එබව සඳහන් කලේ ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල සිසුන් සමඟ සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවක දී ය.

විශ්වවිද්‍යාල කිහිපයක අධ්‍යාපනය ලබන තරුණ තරුණියන් මෙම  සාකච්ඡාවට සහභාගී වී සිටි අතර එහිදී ඔවුන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු අගමැතිවරයා පැවසුයේ, වර්තමානයේ  දී රට මුහුණ දී සිටින අර්බුදය නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන උග්‍රම අර්බුදය ලෙස හැඳින්විය හැකි බවයි.

(මුලාශ්‍රය - ලංකාදීප)

 


Leader Whats app

 

 

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්