theleaderlk 01

මේතාක් යුක්තිය ඉටු නොවු පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් හඬ අවදි කළ තරුණ දේශපාලන ක්‍රියාකාරිකයකු වන ෂෙහාන් මාලක ගමගේ පොලිසිය

විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග වලට අනුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර දිය. 

ෂෙහාන් මාලක ගමගේ පසුගිය වසරේ (2021) අගෝස්තු දාහත්වැනි දා සමාජය සහ සාමයික කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී ගිහි පැවිදි කතෝලික නායකයන් හා එක්ව  පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු නොවීම සම්බන්ධයෙන් අදහස් දැක්වුහ. 

එම මාධ්‍ය හමුවේ ඔහු විසින් කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අගෝස්තු 23 වැනි ඔහුව කැඳවා තිබිණ.

අනතුරුව එක දිගට දින ගණනාවක් ඔහුව අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්නකර තිබිණ.

අද (14) අත්අඩංගුවට ගැනීමට මොහොතකට පෙර ෂෙහාන් මාලක ගමගේ සමාජ මාධ්‍ය වෙත සජීවී ලෙස සම්බන්ධවෙමින් කිසියම් පිරිසක් විසින් තමාව බලහත්කාරයෙන් පැහැරගෙන යාමට උත්සහකරන බව සඳහන් කළේය. 

 

ෂෙහාන් මාලක ගමගේ අත්අඩංගුවට ගැනීමට පැමිණියෙයැයි සැලකෙන සුදුවෑන් රථය

273752004 780294526706777 7457445443568186243 n

සබැඳි පුවත් :


පාස්කු සිද්ධිය ගැන කතාකළ ෂෙහාන් CID යට කැඳවයි 



Leader Whats app