1200 x 80 DMirror

 
 

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට අසූචි ප්‍රහාරය එල්ල කළ අසූචී ප්‍රේමියා කවුද යන්න පිළිබඳව මේ අවස්ථාවේද කථා නොකරන බව ජනමාධ්‍ය

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවැසීය.

ඇමතිවරයා එබව කියා සිටියේ, කැබීනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

වැසිකිළියක සැඟවී සිටින ප්‍රජාතන්ත්‍රවාදය නොහඳුන පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇත බවත්, අසූචි ප්‍රහාරයෙන් වහනය වන්නේ කුණුවූ සමාජයක කුණුවූ දුර්ගන්ධයක් බවත් ඔහු එහිදී කියා සිටියේය.

මාධ්‍යවේදී චමුදිතට මෙලෙස එල්ල වූ ප්‍රහාරය රජය හෙළා දකින බවත් අමාත්‍යවරයා රජය වෙනුවෙන් ප්‍රකාශ කර සිටියේය.



මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ගේ පිළියන්දල පිහිටි නිවසට එල්ල වූ ප්‍රහාරයට පැමිණ මැරයින් හඳුනාගැනීම සඳහා සීසීටීවී දර්ශන පරීක්ෂාවට පොලිස් කණ්ඩායම් 9ක් යොදා ‍ඇතැයි ද ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මෙම මාධ්‍ය හමුවේදී පැවසිය.

එම කණ්ඩායම් සඳහා පොලිස් නිලධාරීන් 60ක් පමණ අනුයුක්ත කර ඇති බව ද හෙතෙම කීය.

එමෙන්ම මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියාසිටියේ “මෙය පොලිස් රාජ්‍යයක් නොවන බවත් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍ය අසන ප්‍රශ්න වෙනුවෙන් පොලීසියට මාධ්‍යවේදීන් කැඳවා ප්‍රශ්න කිරීමට නොහැකි බවයි” ඒ වෙනුවෙන් තමා‍ පෙනී සිටින බවත් හෙතෙම කීය.

ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියාසිටියේ, මාධ්‍යවලට අද වනවිට අසීමිත බලයක් පවතින බවත් එය අසීමිත වගකීමක් බව ද කිසියම් හෝ කරුණක් සමාජගත කිරීමේදී සිහිතබා ගත යුතු බවය.

 

Leader Whats app

 

 

 

 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්