ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි එම අමාත්‍යංශයේ

අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

ඔහු මේවනවිටත් සිය අමාත්‍යංශයේ පුද්ගලික බඩුබාහිරාදිය ඉවත් කර ගනිමින් සිටින බව පැවසේ.

පුද්ගලික බඩු බාහිරාදිය ඉවත් කරගෙන රජයේ භාණ්ඩ ආපසු බාර දෙන ලෙස ඔහු ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට දැනුම් දී තිබේ.

අමාත්‍යංශයේ ඇතැම් කාරණා සිදුවන ආකාරය සම්බන්ධයෙන් මෙන්ම පාස්කු ප්‍රහාරයට අදාල පොලිස් විමර්ශන සිදුකෙරෙන ආකාරය පිළිබඳව ද මොහු පසුගිය කාලයේ නොසතුටින් පසු වූ අතර ජනාධිපතිවරයා සහභාගිවූ මධ්‍යම අධිවේගයේ කොටසක් විවෘත කිරීමේ උත්සව පවා වර්ජනය කර තිබිණ.

 

මුදල් ඇමතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ විසින් 2021 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැයෙන් මොහුගේ අමාත්‍යංශයට රුපියල් බිලියන 35කට වැඩි මුදලක් වෙන්කර තිබුනද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙවර අයවැයෙන් එම අමාත්‍යංශයට වෙන්කර ඇත්තේ රුපියල් බිලියන 10ක මුදලකි.

 

එසේ වෙන්කළ මුදලින් පවා මේ දක්වා සිය අමාත්‍යංශයේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබානොදීම සම්බන්ධයෙන් ඔහු රාජ්‍ය අමාත්‍යාශයේ  ලේකම් මහාචාර්ය රංජිත් දිසානායකට කිහිප වරක්ම චෝදනා කර තිබු බවද අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.

නිමල් ලන්සා අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබේදැයි ඔහුගේ කාර්ය මණ්ඩල නිලධාරියකු ගෙන් කල විමසීමකදී පැවසුයේ, ඇමතිවරයා ජනාධිපති හමුවී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි.


කතෝලික ඇමතිවරුන්ටත් සැකයක් !


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රජයේ බලධාරීන්ගේ හැසිරීම ආණ්ඩුව නියෝජනය කරන කතෝලික මැති ඇමතිවරුන්ගේ බලවත් සැකයට හේතුවී ඇති අතර පසුගියදා පුත්තලමේ පැවති රැස්වීමකදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ද ඒ සම්බන්ධයෙන් බරපතල විවේචනයක් එල්ල කළේය.

 පාස්කු ප්‍රහාරය වැළැක්වීමට ක්‍රියා නොකළ පාර්ශවයන්ගෙන් කටඋත්තරයක් හෝ ලබා නොගැනීම තුළින් ආණ්ඩුව ඔවුන් ආරක්ෂා කරන්නේදැයි තම හෘද සාක්ෂිය ද තමන්ගෙන් විමසන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත එහිදී පැවසිය.




සබැඳි පුවත් :
ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් රකිනවා ! - රාජ්‍ය ඇමතිවරයෙකුටත් සැකයක්

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්