ආණ්ඩුවේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විවේචනාත්මක ආකාරයකින් කටයුතු කරන දකුණේත් නැගෙනහිරත් මාධ්‍යවේදින් හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරින්  පස් දෙනකු සති දෙකකටත් අඩු කාලයක් තුලදී  අඩන්තේට්ටමට

ලක්වීම මාධ්‍යවේදීන්ගේ තිගැස්මට හේතුවී තිබේ.

 ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකු වන චමුදිත සමරවික්‍රම ගේ නිවසට ආදරවන්තයන්ගේ දිනය දා එල්ල  වු අසුචී සහ ගල් ප්‍රහාරයේ  වගකීම තවමත් නිශ්චිත ලෙස කිසිවකුත් සෘජුව චෝදනා ලබා නැති නමුත් අනෙක් සිව් දෙනාම  හිරිහැරයට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා පොලීසියෙනි.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී දඩයමට ලක්වූ බවට කරුණු දක්වා බ්‍රිතාන්‍යයේ දේශපාන රැකවරණ ලබා සිටින හිටපු පොලිස් නිලධාරියකු සමග ඔහු විසින් පවත්වන ලද සාකච්ඡාවක් පසුගිය සතියේ විකාශනය කර තිබුණි.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කාර්යාලයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාවකට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරන ලද මානව හිමිකමි වාර්තාව 2022 මාර්තු 03 වැනි දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙන මොහොතක රටේ  මාධ්‍යවේදීන්ට එල්ල වී තිබෙන තර්ජනය සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන වල මෙන්ම දේශපාලන පක්ෂ  වලද විරෝධය පල වී තිබේ.


කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවති 74 වැනි  ජාතික නිදහස් දින සැමරුම් උළෙල අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සදහන් කළේ ශ්‍රී ලංකාව  නීතියේ ආධිපත්‍ය සුරකින, ජාත්‍යන්තර සම්මුතීන්ට ගරු කරන රටක් බවයි.




"පටු අරමුණු මුල් කරගෙන ලංකාවට විවිධ චෝදනා එල්ල කරන්නට යම් පාර්ශ්ව උත්සාහ කළත් කිසිදු ආකාරයක මානව හිමිකම් කඩ කිරීමකට රජය අනුබල දී නැති අතර, ඉදිරියේදීත් එවැනි සිදුවීම්වලට ඉඩ තබන්නේ නැහැ," යි ඔහු එහිදී වැඩි දුරටත් සදහන් කර තිබුනි.

 ජනාධිපතිවරයාගේ එසේ කියා සති දෙකක් ගතවන්නටත් මත්තෙන් දකුණේත්, නැගෙනහිරත්  මාධ්‍යවේදීන් මෙලෙස හිරිහැරයට පත්ව සිටි.



 මේතාක් යුක්තිය ඉටු නොවු පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් හඬ අවදි කළ තරුණ දේශපාලන ක්‍රියාකාරිකයකු වන ෂෙහාන් මාලක ගමගේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ මාධ්‍යවේ දී චමුදිත සමරවික්‍රමගේ නිවසට මැර ප්‍රහාරය එල්ල වු දිනයේ මය.




ෂෙහාන් මාලක ගමගේ 2021 වසරේ  අගෝස්තු දාහත්වැනි දා මරදාන  සමාජය සහ සාමයික කේන්ද්‍රයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට මේතාක්  යුක්තිය ඉටු නොවීම සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුනි.

 එම මාධ්‍ය හමුවේ  සිදු කළ අහස් දැක්වීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම සදහා දින ගණනාවක්ම ෂෙහාන් මාලක ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැදවීමට කටයුතු කර තිබුනි.

 පෙබරවාරි 14 වැනි සදුදා තමන් අත්අඩංගුවට ගැනීමට මොහොතකට පෙර ෂෙහාන් මාලක ගමගේ සමාජ මාධ්‍ය වෙත සජීවී  වීඩියෝවක් මුදා හරිමින් දැනුම් දී තිබුනේ සුදු වෑන් රථයකින් පැමිණි පොලීසියේ  බව පවසන පුද්ගලයන් පස් දෙනකු මහ මගදී තමන් අත්අඩංගුවට ගත් බවයි. තමන් අත්අඩංගුවට ගත් හේතුව නොදන්නා බවත් ඔහු එහිදී සදහන් කර තිබුනි.

 කෙ‌සේ නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ෂෙහාන් මාලක ගමගේ ඇප මත මුදා හරින ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය පෙබරවාරි 15 වැනි අගහරුවාදා  නියෝග කර තිබේ.

මේ අතර සමාජ මාධ්‍ය  ක්‍රියාධරයෙක් වන මනෝරම වීරසිංහ සිය මුහුණු පොතේ සටහනක් තබමින් දැනුම් දී ඇත්තේ නිශ්චිත හේතුවක් නොදන්වා තමන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව වෙත කැදවා ඇති බවයි.



 " ඔව් ක්‍රීඩා ලෝලි හිතවතුනි,

අලුත් අවුරුද්දට අලුත් ටොපියක් සෙට් වී තිබෙනව...

සුපුදුරු පරිදි ශ්‍රී  ලඞකා පොලීසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්

කුප්‍රකට "සමාජ මාධ්‍ය විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් සටහන් කරගැනීමේ" ක්‍රියාන්විතයට එන්න කියල තියෙනව...

පුරවැසියෙක් විදියට අපි ඊට එකඟව යා යුතුයි. නමුත් යන්නෙ මොනවට කියල දෙයියො තමා දන්නෙ!!! "  මනෝරම වීරසිංහ සිය මුහුණු පොතේ සටහන් කර තිබේ.

Screenshot 2022 02 15 at 9.34.32 PM
ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් වාර්තාකරණයේ යෙදෙන නැගෙනහිර පළාතේ දෙමළ මාධ්‍යවේදීන් දෙදෙනකුද පසුගියදා පොලීසියේ හිරිහැරයට ලක්ව තිබුනි.

 පෙබරවාරි 9 වැනිදා එරාවුර් පොලීසියේ විශේෂ විමර්ශන ඒකකයට කැදවා මාධ්‍ය වාර්තා සිදු කරන ආයතන හා ආදායම් ලැබෙන මාර්ග සම්බන්ධයෙන් පැය දෙකකට ආසන්න කාලයක් මඩකලපු දිස්ත්‍රික් දෙමළ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් හා නිදහස් මාධ්‍යවේදී සෙල්වකුමාර් නිලාන්දන්ගෙන් පොලීසිය ප්‍රශ්න කර තිබුනේ හය මාසයක් ඇතුලත දෙවැනි වතාවටය.

 අධිකරණයට අසත්‍ය තොරතුරු ලබා දෙමින් නැගෙනහිර පළාතේ දෙමළ මාධ්‍යවේදියකුට එරෙහිව පෙබරවාරි 04 වැනිදා තහනම් නියෝගයක් ලබා ගන්නටත්  පොලීසිය කටයුතු කර තිබුනි.

 ශ්‍රී ලංකාවේ 74 වැනි නිදහස් දිනයදා මාධ්‍යවේදී පුන්‍යමුර්ති සසිකරන්ගේ නිවසට නිල ඇදුමින් පැමිණි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඔහුට ලබා දී ඇත්තේ නැති උද්ඝෝෂණයකට සහභාගි වීම තහනම් කරමින් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් නියෝගයකි.

 
200මාධ්‍යවේදී පුන්‍යමුර්ති සසිකරන්


දෙමළ ජාතික සන්ධානය සහ තවත් සංවිධාන කිහිපයක් එකතුව ශ්‍රී ලංකාවේ 74 වැනි නිදහස් දිනයට විරෝධය පළ කරමින් ජනතාව සහ ආගම් අතර ගැටුම් ඇති කිරීමට හේතු වන ආකාරයේ පා ගමනක් කල්ලඩි පාලමේ සිට මඩකපුව මහත්මා ගාන්ධි උද්‍යානය දක්වා සංවිධානය කර ඇති බවට රජයේ බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇති බව අධිකරණ නියෝගයේ සඳහන්ය.

පළාත් බද මාධ්‍යවේදීන් පවසන ආකාරයට එදින මඩකලපුව ප්‍රදේශය තුළ එයාකාරයේ කිසිදු විරෝධතාවයක් දියත් වී නොමැත.

 දෙමළ මාධ්‍යවේදීන් නිතර විමර්ශනවලට ලක්කිරීම හා හිරිහැර කිරීම මඩකලපුව දිස්ත්‍රික් දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් පසුගිය සමයේ දැඩි ලෙස හෙළා දැක තිබුණි.

තවමත් හඳුනා නොගත් පිරිසක් විසින් චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල කළ ප්‍රහාරය “පිළිකුලෙන් යුතුව හෙළා දකින” බව ජනමාධ්‍ය අමාත්‍ය සම කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, අද(15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පවසා තිබුණි.

පොලිස් හිරිහැරයට ගොදුරුවූ අනිකුත් හතරදෙනා සාම්බන්ධයෙන් ඔහු නිල වශයෙන් කිසිත් කී බවක් දැනගන්නට නැත.

 

 

Leader Whats app

 

 

 

 

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්

ඇට මැස්සා