උද්ඝෝෂකයන්ට හා වර්ජකයන්ට එරෙහිව පොලිසිය වහාම යම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවට සරත් වීරසේකර ඇමතිවරයා ඊයේ (14) පැවති කැබිනට් රැස්වීමේ දී කළ යෝජනාව ජනාධිපතිවරයා මුළුමනින්ම ප්‍රතික්ෂේප කර

ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

උද්ඝෝෂකයන්ට හා වර්ජකයන්ට එරෙහිව රජය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බැවින්, ඔවුන් දිගින් දිගට ම වර්ජන හා උද්ඝෝෂණ කරන බවට මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර ඇමැතිවරයා කැබිනට් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇත.

'' ඇමතිතුමා නන් ඕව කියයි..,  මට තමයි අන්තිමට ඔය සේරටම කරගහන්න වෙන්නේ.. අන්තිමට මට කිසිම රටකට යන්න බැරිවෙයි..'' ජනාධිපතිවරයා ඒ අවස්ථාවේදී සඳහන් කර ඇතැයි ද එම ආරංචිමාර්ග පවසයි.

ඕනෑම අයකුට කැමති ආකාරයෙන් උද්ඝෝෂණ කිරීමට ඉඩ දෙන්නැයි ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා, ඒ සම්බන්ධයෙන් ජනතාව තීරණයක් ගනු ඇතැයි ද සඳහන් කර ඇති බව පැවසේ.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කාර්යාලයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාවකට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරන ලද මානව හිමිකමි වාර්තාව 2022 මාර්තු 03 වැනි දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙන මොහොතක පොලිස් ඇමතිවරයාගේ හැසිරීම හා ක්‍රියාකලාපය ජනාධිපතිවරයාගේ සැකයට ලක්ව ඇතැයි ද ආණ්ඩුවේ ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

 

 

Leader Whats app

 

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්