මීළඟ පරම්පරාව නියෝජනය කරන සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා, ඔහුට පවරණ සෑම වගකීමක්ම ඉහළින්ම ඉ‍ටු කරන අයකු බව කතානායක කරු ජයසුරිය පවසයි.

එජාප ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව ප්‍රකාශ කර ඇති සජිත් ප්‍රේමදාස ඇමතිවරයාගේ හැකියාව පරිණත බව අගය කර කරමින් කතානායකවරයා එබව සඳහන් කර ඇත්තේ, 'ඩේලි මිරර්' පුවත්පත සමග පවත්වා ඇති සංවාදයක දීය.

Next President Should be the last : Karu Jayasuriya යන ශීර්ෂයෙන් යුතුව අද (17) දින ඩේලි මිරර් පුවත්පතේ පලවී ඇති  වාර්තාවේ අදාළ කොටසේ සිංහල පරිවර්තනය සැකෙවින් මෙසේය.

ප්‍රශ්නය:

එක්සත් ජාතික පක්ෂයේ සිටින සමහර පුද්ගලයින් පක්ෂයේ විරුද්ධවාදීන් සමඟ ගනුදෙනු කරන බවට අග්‍රාමාත්‍යවරයාට චෝදනා කළ අතර තවත් සමහරු ඇමති ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති වලට වඩා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති සමග ගැලපෙන බවට ප්‍රකාශ කරනවා. එවිට ඔබ එකම තේරීම ලෙස ඉතිරි නොවේද?

කතානායක :
''මේවා පක්ෂය තීරණය කළ යුතු කරුණු. නමුත් ඔවුන් අපේක්ෂකත්වය පිළිබඳව සංවාදයක නියැලී ඉන්න අතර එය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් පැවැත්වීම ඕනෑම පක්ෂයකට සෞඛ්‍ය සම්පන්නයි. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයින් තීරණය කරන්නේ එක් පවුලක් විසින් පවත්වන රාත්‍රී භෝජන සංග්‍රහයක් වටා නොවේ.

මම සජිත් ප්‍රේමදාසව ඔහුගේ ජීවිතයේ වැඩි කාලයක් දන්නා කෙනෙක්. ඔහු පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිවලට සහාය දෙන බව පැවසීම හාස්‍යජනකයි. මට මුලින්ම දේශපාලනයට සහ එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කළේ ඔහුගේ පියා ජනාධිපති ප්‍රේමදාස මැතිතුමා.sep 17 Text 3 

සජිත් ප්‍රේමදාස ඇමතිතුමා කුඩා කාලයේ සිටම මේ රටට සේවය කරන්නේ කෙසේද සහ ජනාධිපති ප්‍රේමදාසගේ උරුමය ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න ගැන සිතමින් සිටියා. ඔහු පරිණත දේශපාලනයෙකු ලෙස වර්ධනය වන ආකාරය මම දැක්කා. ඔහු නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙසත් කැබිනට් අමාත්‍යවරයකු ලෙසත් නොයෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක කර තම හැකියාව පෙන්නුම් කළා. තමාට පවරා ඇති ඕනෑම කාර්යයක් සාර්ථකව ක්‍රියාත්මක කිරීමෙන් විශාල ජනප්‍රසාදයක් ලබා ගැනීමට ඔහු සමත් වී තියනවා.

ඔහුගේ වයස තවමත් අවුරුදු 52 ක්. ඔහුගේ වෘත්තීය ජීවිතය අතරතුර බොහෝ සෙයින් පරිණත වී තියනවා. සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයට අයත් චරිතයක්. ඔහු සෑම විටම එම පක්ෂයට සහ එහි ප්‍රතිපත්තිවලට හොඳ කාලයෙදී මෙන්ම නරකම කාලවලදී පවා පක්ෂයට සහයෝගය ලබා දී තියනවා. ඔහු නියෝජනය කරන්නේ පක්ෂයේ ඊළඟ පරම්පරාව.

පසුගිය වසරේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය තුළ ඔහු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට සහ රනිල් වික්‍රමසිංහ මහතා නැවත අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම සහතික කිරීමට අනගි කාර්යභාරයක් ඉටු කළා. මේ තත්ත්වයන් යටතේ, පොදුජන පෙරමුණේ පුද්ගලයින් මෙන් ලෙහෙසියෙන්ම බලය ලබා ගැනීමට හැකි වුවත් ඔහුගේ ප්‍රතිපත්ති පාවා නොදී කටයුතු කළ කෙනෙක්.''

 

මාධ්‍ය නිවේදනය :sep 17 Text 4

මේ අතර එජාප ජනාධිපති අපේක්ෂකයා ලෙස කතානායක කරු ජයසුරිය ඉදිරිපත්වන බවට පලවී ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ඔහු විසින් අද (17) නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයක සඳහන් වන්නේ, ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස ලැබී ඇති කවර ඉල්ලිමක් වුවද තමා හට සලකා බැලිය හැක්කේ, “ 1995 වසරේ සිට අප අඛණ්ඩව පෙනී සිටි විධායක ජනාධිපති ධූරය අහෝසි කරලීමේ පරමාර්ථය මුඛ්‍ය අරමුණ කොටගත් දේශපාලන බලවේග සමඟ එක්ව පමණක් බවයි.

''එමෙන්ම 17 වන සංශෝධනය මඟින් ඉදිරිපත් කරන ලදුව 19 වන සංශෝධනය මඟින් තහවුරු කල දියුණු ප්‍රශස්ත ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින පාර්ශවයන් සමඟ පමණි.'' ඔහු එම නිවේදනයෙන් කියා සිටියි.

එය දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත ආර්ථික හා සදාචාරාත්මක වශයෙන් ශක්තිමත් සුරක්ෂිත දේශයක් උදෙසා පදනම සැකසීම පිණිස යම් නිශ්චිත සීමිත කාලයක් සඳහා කරනු ලබන කැපවීමක් මිස කිසිවිටකත් ජනාධිපති තනතුර අපේක්ෂාවෙන් කරන මැදහත්විමක් නොවන බවද ඔහු අවධාරණය ‍කර සිටියි.

කෙසේ නමුත් එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන කොටගත් පාර්ශවයන් නියෝජනය කරමින් එලෙස ඉදිරිපත් වන්නේ නම් එය පක්ෂයෙහි ව්‍යවස්ථාවට අනුකූලව සියලු පාර්ශවයන්ගේ ආශිර්වාදය ද සහිතව සිදුවිය යුතු බව තමාගේ  හැඟීම බවද කතානායකවරයා වැඩි දුරටත් කියා සිටියි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්