මේතාක් යුක්තිය ඉටු නොවු පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් හඬ අවදි කළ තරුණ දේශපාලන ක්‍රියාකාරිකයකු වන ෂෙහාන් මාලක ගමගේ

අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් දැක්වූ විරෝධය වතිකානු ප්‍රවෘත්ති සේවය මගින් ලොවටම ප්‍රචාරය කර තිබේ.

'ශ්‍රී ලාංකික කතෝලික ක්‍රියාකාරිකයෙකු අත්අඩංගුවට ගැනීම කාදිනල් රංජිත් දැඩි ලෙස විවේචනය කරයි' - 'Card. Ranjith slams arrest of Sri Lankan Catholic activist' යනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් පළවූ එම ලිපියේ සිංහල පරිවර්තනය සැකෙවින් මෙසේය.

''ප්‍රකට කතෝලික ක්‍රියාකාරිකයෙකු වන ෂෙහාන් මාලක ගමගේ අයුතු ලෙස අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික පල්ලිය දැඩිව හෙලාදකි.

ශ්‍රී ලංකාවේ ප්‍රකට තරුණ කතෝලික ක්‍රියාකාරිකයෙකු සඳුදා අත්අඩංගුවට ගැනීම, ප්‍රකාශනයේ නිදහසට තර්ජනයක් මෙන්ම ශ්‍රී ලංකාව තුළ බිහිසුණු 'සුදු වෑන්' සංස්කෘතිය නැවත පැමිණීම ගැන කනස්සල්ලෙන් දැඩිව හෙලාදකින බව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කිතුනු නායකයා වන කාදිනල් රංජිත් ප්‍රකාශකරයි.


අනිසි අත්අඩංගුවට ගැනීමක්


ශෙහාන් මාලක ගමගේ මහතා ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු මාර්ගයේ ගමන් කරමින් සිටියදීය.

ඔහු තම ව්‍යාකූල අත්අඩංගුවට ගැනීම ෆේස්බුක් හි වීඩියෝවකින් ප්‍රචාරය කළේය. එහි දැක්වෙන්නේ සුදු වෑන් රථයකින් පැමිණි සිවිල් ඇඳුමින් සැරසී සිටි පුද්ගලයන් කණඩායමක් ඔහුව අත්අඩංගුවට ගන්නා ආකාරයත් ඔහු එසේ අත්අඩංගුවට ගන්නේ ඇයි? ඒ සදහා ඇති නීතිමය රාමුව කුමක්දැයි යන්න ප්‍රශ්න කරන ආකාරයයි.



අඟහරුවාදා, (15/02/22) කොළඹ කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් මෙම අත්අඩංගුවට ගැනීම “පැහැර ගැනීමක්” යැයි පවසමින් දැඩි ලෙස විවේචනය කළේය.

 2019 පාස්කු ඉරිදා පල්ලි සහ හෝටල්වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 270කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් අවම වශයෙන් 500කට පමණ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් නොකිරීම විවේචනය කළ අයව රජය ඉලක්ක කර ගන්නා බවද කාදිනල්වරයා පැවසීය.


සත්‍ය මතුකරගැනීමේ බලාපොරොත්තුව :


ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට චෝදනා එල්ල වී ඇති මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර පිටුපස යුක්තිය සහ සත්‍යය සොයන ක්‍රියාකාරීන් අතර ෂෙහාන් මාලක ගමගේ ද සිටී.

 

ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වූ එම වසරේ අග පැවති ජනාධිපතිවරණයේදී ආණ්ඩු වෙනසක් කිරීමට දේශපාලනඥයන් විසින් බෝම්බ ප්‍රහාර යොදා ගත්තේ දැයි එම කතෝලික ක්‍රියාකාරිකයා ප්‍රසිද්ධියේ ප්‍රශ්න කර තිබුණි.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව ශ්‍රී ලංකාවේ ස්වාධීන ප්‍රවෘත්ති ජාලයක් වන Newsfirst වෙත කියා සිටියේ ෂෙහාන් මාලක ගමගේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් අත්අඩංගුවට ගත් බවයි.

ගමගේ මහතාගෙන් 2021 අගෝස්තු 17 වැනි දින පැවති මාධ්‍ය හමුවකදී කළ කතාවක් සම්බන්ධයෙන් 2021 අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල දින 8ක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ තොරතුරු මත ක්‍රියා කළ නීතිපතිවරයාගේ උපදෙස් මත ඔහුව එසේ අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගැනීමක් නොව ‘පැහැර ගැනීමක්’


අත්අඩංගුවට ගත් ආකාරය සම්බන්ධයෙන් කාදිනල් රංජිත් හිමිපාණෝ පොලිසිය විවේචනය කල අතර, යමෙකු අත්අඩංගුවට ගැනීමේදී පොලිසිය නිල ඇඳුමින් සිටිය යුතු බවත් සුදු වෑන් රථයකින් නොව නිල පොලිස් වාහනයක් භාවිත කළ යුතු බවත් ඉල්ලා සිටියේය.

"අත්අඩංගුවට ගැනීමේදී ඕනෑම චූදිතයෙකුට එරෙහිව ඇති චෝදනා පොලිස් නිලධාරීන් කියවිය යුතුය," ඔහු කියා සිටියේ 2021 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය සිදුකර ඇත්තේ ෂෙහාන් මාලක ගමගේව අත්අඩංගුවට ගැනීමක් නොව මහා දවල් පැහැරැගෙනයාමක් බවයි.

“ඔහුගේ වීඩියෝව සමාජ මාධ්‍යවල සජීවීව නොගියේ නම් ඔහුව සුදු වෑන් එකකින් පිරිසක් බලහත්කාරයෙන් රැගෙන යන බව රට කිසිදා නොදැනීමට ඉඩ තිබුණි. මෙය රටට හෙළි කිරීමට ඔහුට ධෛර්යයක් තිබුණා.” බිය ගැන්වීම් හරහා සත්‍යය යටපත් කිරීමට දරන උත්සාහයට නිසිවිටදී ප්‍රතිචාර දක්වන ලෙස කාදිනල් රංජිත් හිමිපාණන් සෙසු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටි බවද Newsfirst ප්‍රවෘත්ති සේවය වාර්තා කළේය.

අඟහරුවාදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ගමගේට ඇප නියම කළ අතර ඔහුට විදෙස් ගමන් තහනමක්ද පැනවීය.



කුමන්ත්‍රණයක් !


74 හැවිරිදි කාදිනල්වරයා පාස්කු ප්‍රහාරය පිටුපස ඇති සත්‍යය සඳහා රාජපක්ෂ රජයට දිගු කලක් තිස්සේ බලපෑම් කරමින් සිටියේය. සෘජුවම සම්බන්ධ වූ සමහර අයට එරෙහිව චෝදනා ගොනු කර තිබියදීත්, බෝම්බ ප්‍රහාරය පිටුපස සැබෑ කුමන්ත්‍රණකරුවන් අත්අඩංගුවට ගැනීමට රටේ ඉහළම නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් අපොහොසත් වූ බව කාදිනල් වරයා දක්වයි.

රාජ්‍ය බුද්ධි අංශයේ සමහර සාමාජිකයන් දන්නා සහ අවම වශයෙන් ප්‍රහාරකයෙකු හමුවී ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න මතු කරමින් කාදිනල්වරයා පසුගිය වසරේ රාජපක්ෂ පාලනය වෙත ලිපියක්ද යොමුකළේය.

කාදිනල්වරයාගේ අගරදගුරු පදවියේ දේවස්ථාන 2ක්ම පාස්කු ප්‍රහාරයේ ඉලක්කවිය.

වත්මන් නීතිපතිවරයා විවේචනය කල කාදිනල් හිමිපාණයන් තමන් දේශපාලන අතකොළුවක් නොව රාජ්‍ය සේවකයෙක් බව සිතිය යුතුව දක්වයි.

2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම නීතිපතිවරයාගෙන් බලාපොරොත්තු වන බවත් එත් ඒ වෙනුවට ඔහු උත්සාහ කරන්නේ ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා සිටින අය අත්අඩංගුවට ගැනීමට බවත් කාදිනල්වරයා පෙන්වා දුන්නේය.

 

රටේ නීතිපතිවරයා සහ පොලිස් ප්‍රධානියා "දේශපාලන ලෝකයේ අභිමතය පරිදි" ක්‍රියා කරන බව කදිනල්තුමන් ප්‍රකාශ කළේය.

 

“ආණ්ඩුවේ කුමන්ත්‍රණකාරී ක්‍රියාකලාපය තේරුම් ගන්නා ලෙස” සහ “සුදුසු අවස්ථාවේදී එයට ප්‍රතිචාර දක්වන ලෙස” ජනතාවගෙන් ඉල්ලා සිටි අතර, දේශීය වශයෙන් ප්‍රශ්න විසඳිය නොහැකි නම්, එය ජාත්‍යන්තර තලයකට ගෙනයාමට තමා පසුබට නොවන බවද කදිනල්වරයා නැවත අවධාරණය කළේය.


නිදහස තර්ජනයට ලක්ව ඇත !


පාස්කු ප්‍රහාරයේ සත්‍ය සෙවීමේ කොළඹ අගරදගුරු කමිටු සාමාජික සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ද ශ්‍රී ලංකාව තුළ ‘සුදු වෑන්’ සංස්කෘතිය නැවත පැමිණීම පිළිබඳව කනස්සල්ල පළ කළේය.

"මෙවැනි සංස්කෘතියක් ප්‍රජාතන්ත්‍රවාදයට යහපත් දෙයක් නොවන බැවින් අපට මෙම හැසිරීම අනුමත කළ නොහැක" යනුවෙන් ඔහු සඳුදා වාර්තාකරුවන්ට පැවසීය.

“ඕනෑම කෙනෙකුට කතා කිරීමට හා ප්‍රකාශ කිරීමට නිදහස තිබේ. එය සෑම පුද්ගලයෙකුගේම මූලික අයිතිවාසිකමක්,” ඔහු ප්‍රකාශ කළේ රාජ්‍යය විවේචනය කිරීම නිසා පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගන්නා සංස්කෘතියක් බිහිවීමේ බිය ඇතිවී ඇති බවයි '.




වතිකානු ප්‍රවෘත්ති සේවය ඉංග්‍රීසි මාධයෙන් පලකල ලිපිය මෙම යොමුව ඔස්සේ කියවිය හැක.


Card. Ranjith slams arrest of Sri Lankan Catholic activist




සබැඳි පුවත් :


ජිනීවා දින ලං වෙද්දී දකුණේත් නැගෙනහිරත් මාධ්‍යවේදී පහකට හිරිහැර

කාදිනල් හිමියෝ නීතිපතිගේ වගකීම පහදයි - ෂෙහාන් මාලකට ඇප ලැබේ

චමුදිත සහ ශෙහාන් මාලක: ඒකාධිපති ගමනක ආරම්භයද?  (වීඩියෝ)

'අපට කියන්න තියන්නෙත් අත්අඩංගුවට ගත් ෂෙහාන් කියපු කතාවමයි' - සිරිල් ගාමිණි පියතුමා

පාස්කු ප්‍රහාර ගැන මාධ්‍යයට කතාකළ ෂෙහාන් අත්අඩංගුවට !

‘කළු කොඩි’ පාස්කු බෝම්බ විරෝධයෙන් යුක්තිය ඉටුවීම ගැන සැකයක්



Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්