ජාතික මට්ටමින් දේශපාලන මෙහෙයුමක් ආරම්භ කිරීමට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ තීන්දු කර ඇතැයි අරලියගහ මන්දිර

ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

එම ආරංචි මාර්ග වලට අනුව අගමැති මහින්ද රාජපක්ෂ ගේ පුර්ණ ආශිර්වාදය ඇතිව, සියලුම රාජ්‍ය අමාත්‍යවරුන් ගොනුකර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යන මෙම ව්‍යාපෘතිය නම්කර ඇත්තේ 'ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව' (Hope for Sri Lanka) නමිනි.

 රාජ්‍ය අමාත්‍යංශ වලින් පසුගිය දෙවසරේ සිදුකර ඇති සංවර්ධන වැඩසටහන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් සිදුකෙරෙන මෙම ප්‍රචාරක වැඩසටහන මාර්තු මස අගදී දකුණු පළාතින් ආරම්භ කිරීමට නියමිත බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

මේ සම්බන්ධයෙන් අප කළ  විමසීමකදී ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පැවසුයේ, 'ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව' ව්‍යාපෘතියේ මුලික අරමුණ වී ඇත්තේ නාමල් රාජපක්ෂ අගමැති කරවීම බවයි.

නාමල් රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධුරය පවරා තමා මේ වසර අගදී දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට තීන්දු කර ඇති බව අගමැතිවරයා පසුගියදා සිය සමීපතම හිතවතුන් පිරිසක් හමුවේ ප්‍රකාශ කර ඇතැයි ද එම අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.

ප්‍රශ්නයක් මතුවන ඕනෑම අවස්ථාවක බැසිල් රාජපක්ෂ රටින් පලායන බැවින්, 2024 ජනාධිපතිවරණයට දැන් තියාම සුදානම් වන්නැයි ජනාධිපතිවරයා, පසුගියදා නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාට දැනුම්දී ඇතැයි පැවසේ.

ඒ අනුව, නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ඔහුගේ නව දේශපාලන ව්‍යාපෘතිය ආරම්භ කිරීමට තීන්දු කර ඇත්තේ, 2024 ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීමේ අරමුණින් යුතුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ "අයවැයෙන් වැඩ ලක්ෂයක්" ව්‍යාපෘතිය හා 'පොහොට්ටු' පක්ෂයේ රැස්වීම මාලාවක් දීප ව්‍යාප්තව සංවිධානය කරමින් සිටින පසුබිමක් තුලයි. එහි ආරම්භක රැස්වීම පසුගිය 09 දා අනුරාධපුරයේ පැවැත්විණ.


 

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්