1200 x 80 DMirror

රට ගොඩනැගීම සඳහා වූ යෝජනාවලියක් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ බලධාරීන් වෙත ලබාදීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ හා සංවිධාන විසින්‌

තීන්දුකර තිබේ.

ඔවුන් එම තීන්දුව ගෙන ඇත්තේ, විමල් විරවංශ අමාත්‍යවරයාගේ නිවසේ පෙරේදා (15) පැවති විශේෂ සාකච්ජාවකදීය. එම යෝජනාවලිය මාර්තු 02 දා ට පෙර කෙටුම්පත් කිරීමට කමිටුවක්ද පත්කර ඇත.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී එම හවුල්කාර සන්ධානයේ ක්‍රියාකාරිකයකු පැවසුයේ, පවනින ඩොලර්‌ අර්බුදය, විදුලි සහ ඉන්ධන අර්බුද සම්බන්ධයෙන්‌ මෙන්ම ඉහළ යන ජීවන වියදම මගහරවා ගැනීමට අදාළ කරුණු ආණ්ඩුවට ඉදිරිපන්‌ කරන මෙම යෝජනාවලියට ඇතුළත්‌ බවයි.  

කෙසේවුවද මේ සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක්‌ හෙට (18) කොළඹ, දී පැවැන්වෙන බවට ඇතැම් මාධ්‍ය වල පලවී ඇති වාර්තා අසත්‍ය බව ද ඔහු සඳහන් කළේය. 

 
 

Leader Whats app

 

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය