theleaderlk 01

ජනාධිපතිවරයා විසින් ඔහුට හිමි බලතල ප්‍රකාරව මහාධිකරණ විනිසුරන් ලෙස 15 දෙනෙකුගේ නම් අනුමතකර තිබීම තුළ බරපතල අර්බුදයක් මතුව ඇතැයි

අධිකරණ අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.

ඊට හේතුවී ඇත්තේ මහාධිකරණය තුල මේවනවිට පවතිනුයේ ඇබැර්තු 08 ක් පමණක් වීම නිසාය.

ඉහත ආරංචිමාර්ග වලට අනුව මෙම ඇබැර්තු 08 සඳහා අධිකරණ සේවයේ නියුතු විනිසුරන් හයදෙනෙකු (06) හා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥයින් දෙදෙනෙක් (02) නම් කිරීමට මුලදී යෝජනා වී ඇත.

එහෙත් නීතිපතිවරයා එම ඇබැර්තු සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ 04 දෙනෙකුගේ නම් නිර්දේශකර  ඇති අතර ඊට සාපේක්ෂව අධිකරණ සේවයේ විනිසුරන් 11 දෙනෙකුගේ නම් අගවිනිසුරුවරයා විසින් නිර්දේශකර ජනාධිපතිවරයා වෙත යොමුකර ඇත.

ජනාධිපතිවරයා ඒ සියලු දෙනාගේ නම් අනුමතකර තිබීම තුල , එසේ නම් කළ විනිසුරන් 07 දෙනෙකුට රාජකාරි කටයුතු පැවරීමේ අර්බුදයක් මතුව ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

 
 

Leader Whats app

 

 

 

 

නවතම පුවත්