1200 x 80 DMirror

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් එල්ලවෙන ප්‍රහාර හා අත්අඩංගුවට ගැනීම් වලට එරෙහිව ඉන්දූ-ලංකා ආණ්ඩුවලට එරෙහිව උපවාස කරන්නට තමිල්නාඩු

ධීවරයන් තීරණය කර තිබේ.

 ලංකා මුහුදු සිමාවේ මසුන් මරණ තමිල්නාඩු ධීවරයන්ට ලංකා නාවික හමුදාව විසින් ප්‍රහාර එල්ල කිරීමටත්, අත්අඩංගුවට ගැනීමටත්, ඔවුන් භාරයට ගන්නා බෝට්ටු වෙන්දේසි කිරීමටත් එරෙහිව රාමේශ්වරම් ධීවරයන් දියත් කළ වර්ජන හා උද්ඝෝෂණ ව්‍යාපාරය ඉකුත් සිකුරාදා අත් හැර දැමුනේ දින 15 ක් ඇතුලත විසදුම් ලබා දෙන ලෙස ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට බල කරමින්ය.

 රාමේශ්වරම් තන්ගච්චිමඩම් ක්‍රිස්තියානි දේවස්ථාන ශාලාවට පෙබරවාරි 15 වැනිදා රැස්වූ 50 කට වැඩි ධීවර පිරිසක් උද්ගතව ඇති තත්වය ගැන සාකච්ජා  කිරීමෙන් අනතුරුව තීරණය කළේ එළඹෙන පෙබරවාරි 21 වැනිදා උපවාසයක් ඇරඹීමටයි.

 

තමිල්නාඩු ධීවර සංගම් නියෝජිතයන් පවසන්නේ ගෙවුණු වසර කිහිපය තුල, සිමා මායිම් පැනීම යන චෝදනා එල්ල කරමින් ලංකා නාවික හමුදාව මගින් 50 කට වැඩි ධීවරයන් පිරිසක් හා බෝට්ටු 10 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

 

පෙබරවාරි 21 වැනිදා තන්ගච්චිමඩම් හි ඇරඹෙන උපවාසයට අමතරව පෙබරවාරි 15 වැනිදා සිට ධීවර වර්ජනය දියත් කර තිබේ.

 ධීවර වර්ජනය හේතුවෙන් රාමේශ්වරම් වෙරළේ ට්‍රෝලර් යාත්‍රා 800 කට වැඩි ගනනක් නැංගුරම් ළා ඇති බවත්, තන්ගච්චිමඩම් හා කාස්බන් ප්‍රදේශවල ජිවත්වන 50,000 කට වැඩි ධීවර කර්මාන්තයට සෘජු හා වක්‍ර ලෙස සම්බන්ධ පිරිස් වර්ජනයට එක්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

 මේ අතර ලබන 25 වැනිදා ලංකාවේ සංචාරයක නිරතවන ඉන්දීය විදේශ අමාත්‍ය ජෙයශන්කර් මෙනන් ගෙන් ධීවර නියෝජිතයන් ඉල්ලා ඇත්තේ ලංකාවේ අගමැති, විදේශ හා ධීවර ඇමතිවරුන් හමුවී තම ගැටලුවලට ස්ථිර විසදුමක් ලබා දෙන ලෙසයි.

 
 
 

Leader Whats app

 

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය