ඒකාන්තවම තවත් දින කිහිපයක් යන්න කලින් නැවත වතාවක් තෙල් මිල ඉහළ දමිමට් සිදුවන බවත්,

එය මේ ඉතිහාසයේ වැඩිම තෙල් මිල ඉහළ යාම විය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේය.

ඔහු එබව සඳහන් කලේ ”සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහනෙහි 45වන පියවර ලෙස කල්මුණේ රෝහල වෙත රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ඉන්දීය රජයේ ආධාර ලෙස ලබාදුන් නිවාස විවෘත කිරීමට මෝදි අගමැතිවරයා එනවිට කළු කොඩි දාපු පිරිස ණයට ලැබුණු තෙල් නැව පිළිගැනීමට අද උත්සව පවත්වන බවද ඔහු එහිදී කියා සිටියේය.

ණයට ඩීසල් ඉන්ධන නැවක් පසුගියදා ලංකාවට පැමිණි අවස්ථාවේ ඇමතිවරු දෙදෙනෙකු ගොස් උත්සවාකාරයෙන් එම නැව පිළිගත් බවත්, ණයට ලැබුණු ඩිසල් නැවක් පිළිගැනීමට පළමු වතාවට උත්සවයක් පැවැත් වූ රට බවට ඉතිහාස ගතවන බවත් විපක්ෂ නායකවරයා පැවසිය.

ගම්මුදාව, මහවැලි සංවර්ධන ව්‍යාපාරය, ඇඟලුම් කම්හල් දෙසීය වැඩසටහන, දරුවන්ට නිල ඇඳුම් බෙදා දීම වැනි කටයුතු වෙනුවෙන් උත්සව පැවැත්වූ රටේ  ණයට ලැබුණු ඩිසල් නැවක් පිළිගැනීමට උත්සව පවත්ව තත්වයට පත්ව ඇතැයිද සජිත් ප්‍රේමදාස කීවේය.




සංස්ථාව අනතුරු අඟවයි!


මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ, ඉන්ධන මිල වැඩි කිරීමට අවසර ලබා නොදෙන්නේ නම් විදුලි බලාගාර, දුම්රිය, මගී බස් රථ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවලට පමණක් ඉන්ධන ලබාදීමට ඉදිරියේදී තීරණයක් ගැනීමට සිදුවන බවයි.

මේ වනවිටත් සංස්ථාවේ දෛනික අලාභය රුපියල් කෝටි තුන්සිය හැට පහකට වැඩි බව සංස්ථා සභාපති සුමිත් විජේසිංහ කියා සිටියේය.

මෙම තත්ත්වය හමුවේ සංස්ථාවේ පෙබරවාරි මාසයේ අලාභය රුපියල් කෝටි එක්දහස් එකසියක් පමණ වන බවට අනුමාන කරන බව ඔහු පවසා සිටියේය.

'අරුණ 'කළ විමසුමකදී ඔහු සඳහන් කර ඇත්තේ, ඉන්ධන මිල ඉහළ නොදමන්නේ නම් ඉන්ධන මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් වෙනුවෙන් ගෙවීමට රුපියල් පවා එකතු කර ගැනීමට සංස්ථාවට නොහැකි වන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ඔහු මෙසේද සඳහන් කර ඇත.


kldfe33''ඉන්ධන මිල ඉහළ නැගීම සඳහා වන යෝජනාව බලශක්ති ඇමැති උදය ගම්මන්පිලට අපි දෙනවා.
දැනට සංස්ථාව පෙට්‍රල් ලීටරයක් රුපියල් එකසිය හැත්තෑ හතකට විකුණන්නේ නමුත්
අපි යෝජනා කළේ රුපියල් එකසිය අනූදෙක දක්වා එය වැඩි කරන්න කියලා.
ඩීසල් ලීටරයක් දැනට අලෙවි වන්නේ රුපියල් එකසිය විසි එකකට.
එය රුපියල් එකසිය හැට නවයක් දක්වා ඉහළ නැංවිය යුතුයි.
එහෙම නොකළොත් අපිට ආයතනයක් විදියට ඉදිරියට පවත්වාගෙන යන්නට අපහසුයි.''
- තෙල් සංස්ථා සභාපති සුමිත් විජේසිංහ




දැනට ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග සංස්ථාව සතුව තියනවා. ඒ නිසා ජනතාව පෝලිම්වල සිට ඉන්ධන ලබාගන්න අවශ්‍ය නැහැ. ඉන්ධන ලබාගන්න මේ දිනවල විශාල පෝලිම් තියනවා කියලා මාධ්‍ය වාර්තා කළා. නමුත් එලෙස අවශ්‍යතාවක් නැහැ.”




''ලංකා ඉතිහාසයේ සිදුවූ ලොකුම ඉන්ධන මිල ඉහළ යාම වේවි.'' -ඇමති ගම්මන්පිල

මේ පිළිබඳව අප බලශක්ති ඇමැති උදය ගම්මන්පිලගෙන් විමසීමක් කළ අවස්ථාවේදී ඔහු පැවසුවේ සංස්ථාව ඉල්ලා සිටින සියලුම ඉල්ලීම් සාධාරණ බවය.

එහිදී ඇමැතිවරයා මෙසේද පවසා සිටියේය.

”සංස්ථාව ඉල්ලන දේවල් එක්ක අපිට කිසිම තර්කයක් නැහැ. මේ වෙලාවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉතිහාසගත විදියට ඉහළ ගිහින් තියෙන්නේ. මේ සම්බන්ධව මුදල් අමාත්‍යාංශයට අපි කරුණු වාර්තා කළා. නමුත් අමාත්‍යාංශයෙන් තවමත් පිළිතුරක් නැහැ. යම් හෙයකින් ඉන්ධන මිල වැඩි වුණොත් එය ලංකා ඉතිහාසයේ සිදුවූ ලොකුම ඉන්ධන මිල ඉහළ යාම වේවි.”

 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්