අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ දූෂණ විමර්ශන කොමිසම වෙත කරනු ලැබූ පැමිණිල්ලකට අදාල සාක්ෂි ලබාගැනීම සඳහා මාධ්‍යවේදී
තරිඳු උඩුවරගෙදර අද (18) එම කොමිසමට කැඳවා ඇත.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ දූෂණ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඒ.එච්.එම්.ජී. අබේසිංහ විසින් ඔහු වෙත දැනුම් දී ඇත්තේ, අද (18 ) පෙරවරුවේ කොළඹ 07, ජාවත්තේ කැප්පෙටිපොළ මාවතේ පිහිටි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණෙන ලෙසයි.
ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ තිරුපති සංචාරයකට මිලියන ගණනක් වටින ගුවන් යානා සංචාරයක් තුරුපඬුරු විදියට පෞද්ගලික ජෙට් යානාවක් ලබාගැනීම ගැන කරපු පැමිණිල්ලට අදාලව විමර්ශන ආරම්භ කිරීම සඳහා විස්තරාත්මක ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහායි.
මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර ඔන්ලයින් හරහා අදාල පැමිණිල්ල කර තිබුනේ 2021 දෙසැම්බර් 31 වැනිදා ය.
සබැඳි පුවත :
අගමැතිගේ තිරුපති ගමන ගැන අල්ලස් කොමිසමෙන් විමර්ශණයක් !