පොහොට්ටු පක්ෂය, තම පක්ෂය සමග ඇතිකර ගත් ගිවිසුම් කඩකර ඇතත් මේ අවස්ථාවේදී ආණ්ඩුවෙන් එලියට පැමිණ කුමක් කරන්නේදැයි ශ්‍රී ලංකා

නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විමසයි.

නිමල් සිරිපාල අමත්‍යවරයා එබව විමසා සිටියේ, කැප්පෙටිපොල ප්‍රදේශයේදි පැවති පක්ෂ ක්‍රියාකාරි හමුවක් අමතමිනි.

''අපි පොහොට්ටුවත් එක්ක මැතිවරණයට කලින් යම් යම් ගිවිසුම් ගහ ගත්තා. එකඟතාවලට එළඹුනා. නමුත් මැතිවරණයෙන් පස්සේ අපි ඒ කරපු සේවයට ඒ කරපු කැපකිරීමට තරම් සැලකිල්ලක් අපිට දැක්වුයේ නැහැ'' යැයි ඔහු පැවසීය.

ඔහු එහිදී මෙසේ සඳහන් කළේය.

''සමහර අය එදා කිවුවා සජිත් තමයි දිනන්නේ අපි එතෙන්ට යමු කියලා. ඒ වෙලාවේ පක්ෂයේ බහුතර මතය වුණේ ඒක. නමුත් මම අපේ මධ්‍යම කාරක සභාව තුළ පමණක් නෙමෙයි පක්ෂ සම්මේලනය තුළත් පැහැදිලිව ප්‍රකාශ කළා දේශපාලන වශයෙන් අපේ හදවතට සමීප පක්ෂය පොදු ජන පෙරමුණ කියලා.

ඒ නිසා අපි මේ අවස්තාවේදී ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රාහණයට සම්මාදන් වෙන්න ඕනි එකතු වෙන්න ඕනි කියලා. ඒ පැත්තට ඔක්කොම නම්මවාගෙන වැඩ කටයුතු කලේ. ඉතිං ඒ අවස්ථාවේදී අපි පොහොට්ටුවත් එක්ක යම් යම් ගිවිසුම් ගහ ගත්තා. අත්සන් කළා කතා කළා. නමුත් මැතිවරණයෙන් පස්සේ අපි ඒ කරපු කැපකිරීමට අපි ඒ කරපු සැලකිල්ලට තරම් සැලකිල්ලක් අපිට දැක්වුයේ නැහැ. අපි ඇත්ත කියන්න එපැයි.

නමුත් අපිට මුහුණත් එක්ක තරහ වෙලා නහය කපා ගන්න බැහැ. ජනතාව මේ රජයට ඡන්දය දුන්නේ අවුරුදු පහක කාල සීමාවක් සදහා. ඉතිං ඒ නිසා අපි යම් යම් අඩු පාඩුකම් සිද්ද වුණත් මම සන්ධාන දේශපාලනයේ අවුරුදු ගානක් හිටිය කෙනෙක් විදිහටත් අත්දැකීම් තියෙන කෙනෙක් හැටියටත් අපිට හදිසි තීරණ අරන් අපිත් අතරමං වෙලා තමුන්නාන්සේලාත් අතරමං කරන්න මම කැමති නැහැ.


සමහරු කියනවා දැන් ආණ්ඩුවේ ඉදලා වැඩක් නැහැ. දැන් එළියට බහින්න කියලා. මම ඇහුවා අපි එළියට බැහැලා මොනවද කරන්නේ කියලා. ජෙවිපී කාරයන් වගේ බෝඩ් අල්ලගෙන ඉන්නද. අපි හදා ගත්ත ආණ්ඩුව නිසා අපි තව බලමු. ජනාධිපතිත්  අගමැතිත් පසුගිය දා වැදගත් ප්‍රකාශයක් කළා වෙච්ච වැරදි ඉදිරියට වෙන්න දෙන්නේ නැතිව ඉදිරි කාලයේදී අලුත් ගමනක් යනවා කියලා.


''අපේ පක්ෂය දැන් වැටිලා තියෙන්නේ''


අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ ඒ අලුත් ගමනට සහය දීලා අපි ඉදිරියට යන්න. දැන් අපි රජය තුල ඉදගෙන පුළුවන් තරම් දුරට කරුණු කාරනා කියලා දෙනවා.

අපි තේරුම් ගන්න ඕනි විශේෂයෙන් අපේ පක්ෂය දැන් වැටිලා තියෙන්නේ. ඒකට හේතු කාරණා රාශියක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මම මේක හැම තැනම කියන දෙයක් තමයි මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පක්ෂය දාලා යන්නේ නැතිව හිටියනම් ප්‍රශනයක් වෙන්නේ නැහැ.

අපිට හැමදාම පොහොට්ටුවත් එක්ක එකට දීග කාගෙන ඉන්න තිබුනා. ඒ තීරණය එතුමා ගත්තා. ජනතාවත් ඒ තීරණයක් එක්ක ගියානේ. ජනතාව ඒක අනුමත නොකලේ නැහැ. බහුතර ජනතාව එදා  මහින්ද රාජපක්ෂ මහතා පරද්දලා ඔහු ජනතාධිපති කළා. ඒ අනුව මේ තියන තත්වය අනුව අපේ පක්ෂය අපි නැවත ගොඩ නගන්න ඕනි.

අපට පක්ෂය අතහැරලා එක්සත් ජාතික පක්ෂයට හෝ ජනතා විමුක්ති පෙරමුණට යන්න බැහැ. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ රටක පාලනයක් කරන්න පුළුවන් පක්ෂයක් නෙමෙයි. බොහොම ආකර්ෂණීය සටන් පාඨ ඒ අයට තිබණත් ඒ එකක්වත් බිම් මට්ටමේ කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒවාට අපි රැවටෙන්න හොද නැහැ. අපේ පක්ෂය ශක්තිමත් කරගෙන අපි ඉදිරියට යන්න ඕනි.


'සමහරුන්ගේ අස්ස කුලප්පුවට මම අහුවෙන්නෙ නෑ'


බදුල්ලේ පැවැති උත්සවයකදී නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා පැවසුයේ, සමහරුන්ගේ අස්ස කුලප්පුවට අහුවෙන්න තමා  සූදානම් නොමැති බවයි.

මේ ආණ්ඩුව පත් කිරීමට තමා ලොකු කැපවීමක් කළ බවත් ගෝඨාභය රාජපක්ෂ දිනවීමට බදුල්ලෙන් වැඩිම ඡන්ද ලබා  දුන්නේ තමා බවත් ඔහු එහිදී පැවසිය.
ඒ නිසා ආණ්ඩුවේ රැඳී සිටීමට තමන්ට අයිතියක් ඇති බව ඔහු අවධාරණය කර සිටියේය.

තමා අස්ස කුලප්පුවට අහුවුණොත් බදුල්ලේ ජනතාව අසරණ වන බවද අමාත්‍යවරයා පැවසීය.



ශ්‍රීලනිප නායකයා කියන කතාව 


මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසන්නේ, ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමේ අරමුණින් සහෝදර දේශපාලන පක්ෂ එක්ක එකතුවෙලා නව සන්ධානයක් පිහිටුවන බවයි.

ඔහු එබව පැවසුයේ, වව්නියාවේ ඊයේ (19) පැවති එම පක්ෂයේ වන්නි දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

 
 

Leader Whats app

 

 

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්