‘ඔන්ලයින් ක්‍රමයට ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිසංශෝධනය කිරීම‘ කාබනික වගාව, ඔන්ලයින් අධ්‍යාපනය ලෙසම අසාර්ථක ක්‍රියාවක් බවත් එමගින් දහ

දහස් ගණනකට ඡන්ද බලය අහිමිකර ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

මැතිවරණ නිරීක්ෂණය සඳහා වූ 'කැෆේ' සංවිධානයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා වූ රජිත් කීර්ති තෙන්නකෝන් එබව සඳහන් කර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමිනි. එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

2021 වසරේ ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීම ලංකා ඉතිහාසයේ අසාර්ථකම ඡන්ද නාම ලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලියකි. එය එලෙසින්ම 2022 වසරේ ක්‍රියාත්මක කිරීම නිසා තවත් දස දහස් ගණනකගේ ඡන්ද අයිතිය අහිමි කිරීමකි.

''සර්වජන ඡන්ද බලය ලැබුණු දවසේ සිට පසුගිය වසර දක්වාම ග්‍රාම නිලධාරීන් ගෙන් ගෙට ගොස් ‘ඡන්ද කොළ පුරවා‘ නාම ලේඛන ප්‍රතිශෝධනය සිදු කළා.  2021 වසරේ දී අලුතෙන් ලියාපදිංචි වී ඇත්තේ සාමාන්‍ය යෙන්  වසරකට ලියාපදිංචි වන නව ඡන්දදායකයින් සංඛ්‍යාවෙන් 18% කට ආසන්නය.  25% ප්‍රමාණය ඉක්මවූ අපගමණයක් සහිත දිස්ත්‍රික්ක ද පවතී.


rajith 22


2021 අංක 22 දරණ පනත මගින් සං‍ශෝධිත 1980 අංක 44 දරණ ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනතේ මගින් වයස අවුරුදු 18 සම්පූර්ණ කරන නව ඡන්දදායකයින්ට ඡන්ද හිමිකම ලබාදීමට අපේක්ෂා කළේය. නමුත්, 2021 ඡන්ද හිමි නාම ලේඛනය ඔන් ලයින් ක්‍රමයට සකස් කරනු ලැබීමත් සමඟම එහි අරමුණ සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබේ.  

වෙනදා ඡන්ද අයිතිය ලැබුණු පිරිසට, වඩා වැඩි පිරිසකට ඡන්ද අයිතිය අහිමි ඇත. මේ සියළු දෙනා වසය අවුරුදු 18 සම්පූර්ණ කළ අලුත් ඡන්ද හිමියන්ය.  

මැතිවරණ නිරීක්ෂකයින් ලෙස අප වසර 10 කට වැඩි කාලයක් තරුණයින් ලියාපදිංචි කිරීමට උනන්දු කළා. පාර්ලිමේන්තුවේ මේ සංශෝධන සම්මත කර ගැනීමට මැදිහත්වුණා. නමුත්, ග්‍රාම නිලධාරිවරුන් අතහැර ‘ඔන් ලයින් පමණක් ලියාපදිංචිය‘ පනතට ගෙනා ප්‍රගතිශීලී සංශෝධන අර්ථ විරහිත කර විනාශයකට මඟ පාදා තිබේ.

 යුධ තත්වයක් පැවති කලාපවල හැර ඉතිහාසයේ කිසිම දවසක සුදුසුකම් ඇති දස දහස් ගණනක් ලියාපදිංචි කිරීම අදහැර දමා නෑ.  මැතිවරණ කොමිසම සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඡන්ද ලියාපදිංචිය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි.

 

සල්ලි නෑ කියලා ඉතිහාසයේ කිසිම දවසක මැතිවරණ කොමිසමේ කටයුතු අඩපණ කරලා නෑ. සල්ලි නෑ කියලා ඡන්ද නොතියා ඉන්න බෑ.  ඡන්දදායකයෝ ලියාපදිංචි නොකර ප්‍රොඩාකාරී මැතිවරණ පවත්වන්නත් බෑ.

 

ග්‍රාම නිලධාරිවරයෙකු ගෙන් ගෙට ගොස් ඡන්ද ලියාපදිංචි සිදු කිරිම වෙනුවෙන් එක් පවුලකට රු. 13.50 ක දීමනාවක් ගෙවනු ලැබූවා. මැතිවරණ කොමිසම, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජෙනරාල්, ග්‍රාම නිලධාරීවරුන් අතර ප්‍රශ්නය විසඳීම රජයේ ප්‍රශ්ණයකි.  

ප්‍රජාතන්ත්‍රවාදයට මිලක් තිබේ. එය ලාභ නැත. එම මුදල් සැපයීම රජයේ වගකීමකි. අදාල දීමනා නොගෙවා, සුදුසු යාන්ත්‍රණයක් නොමැතිව ප්‍රෝඩාකාරී මැතිවරණයකට පාර කැපීම වැලැක්වීම සෑම දේශපාලන පක්ෂයකම හා මැතිවරණ නිරීක්ෂණ සංවිධානයකම වගකීමකි.

තරුණ ඡන්දදායකයින්ට ඡන්ද බලය අහිමි කිරීමට එරෙහිම සියළු පුරවැසි සංවිධාන කටයුතු කළ යුතුව ඇත.''


Leader Whats app

 

 

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්