“දැනුත් ඉන්නවා යූඑන්පී එකේ වංසක්කාරයෝ. ඒ වංසක්කාරයෝ කියන්නේ මොකක්ද අර ප්‍රේමදාසට සර් කියන්න බෑ වගේ අපිට බෑ මූට සර් කියන්න.

කාටද? මම කිව්වේ මූට කියලා. ඔයගොල්ලො කියන්නේ කාටද සජිත්ට කියලාද  ආ එක තමයි කතාව“ යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසා සිටියි.

ජාතික ජනබලවේගයේ රැස්වීමක් අමතමින් ලාල්කාන්ත මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ, එක්සත් ජාතික පක්ෂයෙන් කරු ජයසූරිය ඉදිරිපත් වුවහොත් ජවිපෙ සහාය ලබාදෙන බව සමාජය තුළ වන කතාබහට පිළිතුරු ලබා දෙන අතර තුරය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරමින්, sep 18 Text 9

කරු ජයසූරිය මහත්තයාට ඔයගොල්ලො උදවුකරන්න කතාවක් යනවා ඒක ඇත්තද එහෙම කතාවකුත් යමිනුත් තියෙනවා. කරු ආවොත් ජේවීපී එක සහ ජාතික ජනබලවේගය මේ යන වැඩසටහන පැත්තකට දාලා එතෙන්ට සහයෝගය දක්වන තැනකට යයිද කියලා ඉතින් ඉතා පැහැදිළිවම කියන්න ඕනෙ, මේ රැස්වෙලා ඉන්න සහෝදර සහෝදරියන්ට හිතවතුන්ට ඔයගොල්ලොත් ගිහිල්ලා කියන්න ඕනෙ, පැහැදිළිවම ගම්වලට අපි මේ ආරම්භ කරලා තියෙන වැඩපිළිවෙල ජාතික ජනබලවේගයේ අපේක්ෂකයා ජයග්‍රහණය කිරීම අරමුණු කරගෙන කෙනෙක් එක්ක කතාකරොත් මිසක් එයාව අයින්කරගෙන වෙන කාවහරි ජයග්‍රහණය කිරීම සඳහා කිසිදු  ආකාරයක තීරණයක් ගන්නේම නැත. ඒක  ස්තීරයි ගලේ කෙටුවා වගේ.

දැන් එක එක මත යනවනේ. දැන් ඔය ගියාට ආපහු සමහරවිට කරු වගේ කෙනෙක් ආවොත් මෙහෙම යයි. මේ යන වැඩසටහන නවත්තලා මේ භූතයෙක් එනවා යකෙක් මේ පැත්තෙන් ගෝඨාභය රාජපක්ෂ කියලා ආලවකයා එනවා මේ පැත්තෙන්. ඒ නිසා ආලවකයා පරද්දන්න කරු වටා අනික් ඔක්කොම එකතුවිය යුතුයි. ඔහොම මතයකුත් හදනවා සමහරු. එහෙම ගොඩනගමින් තියෙනවා.

ඒ නිසා ලංකාවේ දේශපාලනය ගත්තම නැගෙනහිරද උතුරෙද දකුණෙද කඳුකරයෙද මේ පැත්තෙද හැම පැත්තකම දැන් අලුත් දේශපාලන ප්‍රවණතා අලුත් දේශපාලන බලවේග අලුත් ආකාරයකින් ඉදිරියට එමින් තිබෙනවා.

ඒ මොකද කාලයක් තිස්සේ මේ තිබුණු සම්ප්‍රදායික කඳවුරු දෙක සහ මුස්ලිම් කොන්ග්‍රස් ටීඑන්ඒ වාගේ මේ තියෙන දේශපාලන සංවිධාන විසින් මේ රට ගොඩනගන්න සමත්වුණේ නෑ. ඒක තමයි ඇත්ත කාරණය.

ඉතින් ඒ නිසා අලුත් අලුත් උත්තර ජනතාව හොයන්න දැන් ආරම්භ කරලා තියෙනවා සෑම පැත්තකම. දෙමළ ජනතාව අතර මුස්ලිම් ජනතාව අතර අනිත් ප්‍රදේශවල හැම තැනම මේ තත්වය තියෙනවා. ඉතින් ඒ වගේ මුස්ලිම් පක්ෂත් ගත්තම බොහෝ වෙලාවට දැන් ප්‍රධාන  පක්ෂ, මුස්ලිම් පක්ෂ කිව්වොත් සම්පූර්ණයෙන්ම වැරදියි. ප්‍රධාන නොවන අලුතෙන් sep 18 Text 10බිහිවෙලා එන පක්ෂත් තියෙනවා. දැන් මුස්ලිම් සමාජය ගත්තත් දැන් මෙහේ වගේ මේ ඉන්න අය එපාවෙලා මුස්ලිම් කොන්ග්‍රස් එක ප්‍රතික්ෂේප කරමින් එන ව්‍යාපාර තියෙනවා. දෙමළ ජාතික සන්ධානය ගත්තත් අලුතෙන් බිහිවෙලා එන ව්‍යාපාර තියෙනවා. ඒ ඒ පැතිවල.

ඉතින් සජිත් මහත්තයා කියලා තියෙනවා මට දුන්නත් නැතත් මම ඉල්ලනවා. පහුගිය කාලේ එහෙම කිව්වා. මම තමයි ඉල්ලන්නේ. මේ වෙනකොට ඒ විදිහටම කියනවාද කියලා ටිකක් හොයන්න අමාරුයි නමුත් අපි හිතමු කරු හරි රනිල් ඒ මහත්තුරු දෙන්නගෙන් එක්කෙනෙක් ආවොත් සජිත්ට ධෛර්යයක් තියෙයිද දන්නේ නැහැ, ඒත් මම ඉල්ලනවා කියන පදනමෙන් ඉල්ලන්න.

එහෙම අපි දන්නේ නැහැ. මම හිතන්නේ ඉල්ලුවේ නැත්නම් එයත් නිකන් පීචං වෙනවා. හැබැයි, සමාජයේ ඇතුලේ කරුට හරි එහෙම නැත්නම් කාටද රනිල් මහත්තයාට හරි  අපි හිතමු ඉල්ලනවා කියලා. දැන් මේ උද්ඝෝෂණ කරලා රැස්වීම් තියලා අජිත් පෙරේරලා අර කලුතර මන්ත්‍රීතුමා. ඊට පස්සේ කවුද මේ බදුල්ලේ හරීන්ලා මේකට කරගහලා තව කට්ටිය ඉන්නවා‌ නේද? ඔහොම ඔහොම ඉන්නවා කට්ටිය කරගහලා ඒ මිනිස්සුත් අමාරුවේ දාලා ආයිත් අකුලගන්නවාද? ධෛර්යයක් තියෙනවද, නැහැ ඔයගොල්ලෝ මට දෙන්නේ නැත්නම් මම ප්‍රේමදාස මහත්තයාගේ පුතා, ප්‍රේමදාස මහත්තයත් ෆයිට් කරලා තමයි ගත්තේ.

දැනුත් ඉන්නවා යූඑන්පී එකේ වංසක්කාරයෝ. ඒ වංසක්කාරයෝ කියන්නේ මොකක්ද අර ප්‍රේමදාසට සර් කියන්න බෑ වගේ, අපිට බෑ මූට සර් කියන්න. කාටද? මම කිව්වේ මූට කියලා. ඔයගොල්ලො කියන්නේ කාටද සජිත්ට කියලාද?  ආ එක තමයි කතාව යැයි අවධාරණය කර සිටියේය. 

වීඩියෝ

               

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්