1200 x 80 DMirror

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව ලංකාව සම්බන්ධයෙන් කවර ආකාරයේ වාර්තා නිකුත් කළද ඒවා නොතකා පුරුදු ලෙසම කටයුතු කරගෙන

යාමට ආණ්ඩුව තීරණය කර තිබේ.

''ජිනීවා ගිහින් රිපෝර්ට් ප්‍රසිද්ධ කරන්න පුළුවන් ඕනෑ කෙනෙකුට. මෙච්චර කල් රිපෝර්ට් ඇවිත් තියෙනවා. ඉදිරියටත් ඒවි. එහෙත් රටේ කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ,'' යැයි අධිකරණ ඇමැති අලි සබ්රි පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  ජිනීවා මානව හිමිකම් සැසිය ඇරඹීමට සති දෙකක් තිබියදී  'වීරකේසරී' වෙබ් නාලිකාවට සාකච්ජාවක් ලබා දෙමින් අධිකරණ ඇමතිවරයා පවසන්නේ ජිනීවා වාර්තා මගින් වැඩි වන ජනතාවගේ ක්‍රෝධයෙන් දේශපාලනය කළ හැකි වුවත් වෙනත් කිසිදු දෙයක් නොවන බවයි.

මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය විසින් සම්පාදනය කොට ඇති ශ්‍රී ලංකාව සම්බන්ධ පිටු 20කට ආසන්න වාර්තාව මේ වනවිට පිළිතුරු අපේක්ෂාවෙන් ආණ්ඩුවට බාර දී තිබේ.

 

අතුරුදහන් කිරීම්, පැහැරගෙන යාම්, හමුදාකරණය මෙන්ම යුද අපරාධ හා මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් උතුරු නැගෙනහිර ජනතාව යුක්තිය ඉල්ලා සිටියත් ඔවුන් නොතකා යමින් අමාත්‍ය සබ්රි විසඳුම් දීම සඳහා ආරාධනය කර ඇත්තේ විදේශගත දෙමළ ප්‍රජාවටයි.

 

''ජාත්‍යන්තර සංවිධාන හරහා මොනවා කළත් මෙහෙ දෙමළ ජනයාට විසදුම් ලැබෙන්නේ නැහැ. විසඳුමක් අවශ්‍ය නම් මෙහේ ඉඳන් කතා කරන්න ඕනෑ. දෙමළ ජනතාව රැක ගන්න ඕනෑ නම්, ඩයස්පෝරා සංවිධාන  මෙහෙ ඇවිත් අපිත් එක්ක කතා කරන්න. දෙමළ පළාත් වල ආයෝජනය කරන්න. රැකී රක්ෂා උත්පාදනය කරන්න. හොඳ පාසැල් ටිකක් ඇති කරන්න,''යැයි අධිකරණ ඇමැති වරයා විදෙස් ගතව සිටින යුද පීඩිත දෙමළ ජනයාගේ සංවිධාන වලින් ඉල්ලීමක් කරයි.

 යහපාලන ආණ්ඩු සමයේ ඉටු නොකළ සිරගත කළ සිටී කොටි සංවිධානයේ සැකකරුවන් නිදහස් කිරීම, ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට සංශෝධන ගෙන ඒම වැනි පියවර ගෙන ඇත්තේ 'සිංහල ජනයාගේ සහයෝගයෙන් බලයට පත්වූ ආණ්ඩුවක්' යටතේ බව මෙහිදී අධිකරණ ඇමැති සබ්රි අවධාරණය කර තිබේ.

 

Leader Whats app

 

 

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය