ශ්‍රී ලංකාවේ ප්‍රකට සමාජ ක්රියාකාරිකයකුව සිටි කුමාර් රූපසිංහ මහතා අභාවප්‍රාප්ත වී ඇත.
කලක් රෝගාතුරව සිටි ඒ මහතා ඊයේ (20) දිනයේ මියගොස් ඇත්තේ කොළඹ පෞද්ගලික රෝහලකදී ය.
කලක් රෝගාතුරව සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 79 වැනි වියේ පසුවිය.
සමාජ හා දේශපාලන ක්‍රියාකාරිකයකු ලෙස බොහෝ කාලයක් කීර්තිමත් සේවයක් කළ ඒ මහතා ‘සාම ව්‍යපෘති‘ සම්බන්ධයෙන් වඩාත් උනන්දුවෙන් කටයුතු කළ සමාජ ක්‍රියාකාරිකයෙක් ලෙස ප්‍රසිද්ධියක් උසුළයි.
සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ ඉඩම් ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පූරෝගාමියා වූ රූපසිංහ මහතා ජනතා වතු සංවර්ධන මණ්ඩලය පිහිටුවීමට මූලිකත්වය ගත් කීපදෙනාගෙන් කෙනෙකි.
ජාතික තරුණ සේවා සභාවේ ආරම්භ සභාපතිවරයා ද වන ඒ මහතා ජාත්‍යන්තර සංවිධාන රැසක උපදේශකවරයෙක් ලෙස ද කටයුතු කළේය.
කුමාර රූපසිංහ මහතා බණ්ඩාරනායක පවුලේ වැඩිමහල් දියණිය වන බණ්ඩාරනායක මහත්මිය සමඟ කෙටි කළක් විවාහ වී සිට පසුව වෙන්විය.
දෙදරු පියෙක් වන ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීහු පවසති.
කුමාර් රූපසිංහ අභාවය සම්බන්ධයෙන් 'කලබෝ ටෙලිග්රාෆ්' කර්තෘ , ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය ෆේස්බුක් පිටුවේ ඊයේ (21) මෙසේ සඳහන් කර තිබේ.
ඔහු මොන ලොවට ගියත් කම් සැප නම් ක්ෂණිකව සොයායනු ඇත!
මීට ටික වේලාවකට පෙර මා මිත්‍ර පැරණි මාධ්‍ය මිතුරියක් කුමා ගැන ලිපියක් ලිවීම සඳහා ඔහුගේ පුද්ගලික තොරතුරු මගෙන් විමසා සිටියේය. එනිසා මට ඔහු පිළිබඳ මතකය අවදිවිය. අද නම් තවත් දිග එකක් ලියන්නට හැකියාවක් නැත. මේ කොවිඩ් මල ඉලව්ව නිසා ඔලුව උස්සගෙන ඉන්නට බැරිය.
ස්කයිප් පාවිච්චිය අතහැර දැමූ නිසා දැන් වසර දෙකක පමණ සිට නෝ කන්ටැක්ස් ය. අවසාන පණිවිඩයක් තියා තිබ්බේ ඔහුගේ බිරිඳය. ඔහු අසනීපයෙන් පසුවන බව දැනුම් දෙන ලෙස කී බවත් සුව වූ පසු කන්ටැක්ට් කරන බවත් ඇය ලියා තිබුණි.
කුමාව මට මුලින්ම අඳුන්වා දුන්නේ නැසී ගිය ඇමති ඉන්දික ගුණවර්ධනය. හඳුනාගත් දින සිට දිනපතාම කොල් කර දේශපාලනය ගැන කතාකිරීම හා මගේ අදහස් විමසීම ඔහුගේ සිරිතය. ඔහු ඉතාම දැනුමක් ඇත්තෙකු විය. අපි මොන දේශපාලන අදහස් දැරුවත් විහිලු තහලු කරමින් අල්ලාප සල්ලාපයේ යෙදීම ඔහුගේ සිරිතය.
දේශපාලන තොරතුරු විශ්ලේෂණය කිරීමේ අපූරු හැකියවක් ඔහු සතුවිය. ඔහු මට හොඳ ප්රවෘත්ති මූලාශ්‍රයක් විය.
දිනක් ඔහුට මම තිත්ත කුණුහරපෙන් බැණ වැදුනෙමි. ඔහු වෙවුලූ බවත් "මට මෙහෙම කවුරුත්" කතාකරල නැහැ යනුවෙන් ඔහු තුෂාර ගුණරත්නට කියා තිබුණි. ඒ ඔහුගේ යටිකූට්ටු දේශපාලන ගේමක් මට අසුව තිබියදී සුදනා සේ මා සමඟ කතාකරන විටය. ඒ රාජපක්ෂලා සමඟ ඔහු නිදිවදින සමයේදීය. ඒත් ඔහු මිතුදම නොහැරියේය.
ලංකාවේ මානව හිමිකම් හා සාම කර්මාන්තයේ යෙදුන NGO ලොක්කන් අතර ඔහුට තරම් ජාත්‍යන්තර වශයෙන් අත් දැකීම් තිබූ කවරෙකුවත් නොසිටියේය. ඒ තරම් ජාත්‍යන්තර ආයතන සංඛ්‍යාවක වැඩකර තිබුණි. ලියූ හා සංස්කරණය කල පොත්පත් සංඛ්‍යාව අති විශාලය. ඔහු පිළිබඳ ඕනෑ තරම් තොරතුරු අන්තර්ජාලය තුල ඇත.
එහෙත් ගොඩක් අය නොදන්නා දෙයක් පමණක් මම ලියමි. එය ලීවා කියා ඔහුගේ බිරිඳවත් දූවරුවත් මා සමඟ උරණ නොනවන බව මම දනිමි. ගංජා සහ කම් සැප කෙරෙහි ලොල්වූ එවන් NGO ලොක්කෙකුද මම දැක නැත. ගංජා හා කාමය ගැන ඔහුට තිබුණේ පුදුමාකාර දැනුමකි. ඔහු මටද ගංජා ගැසීමට දිරිමත් කලද පාසැල් කාලයෙන් පසු ගංජා ගැසීම නවතා දැමූ මට දැන් ගංජා සුවඳවත් දිරවන්නේ නැත.
ඔහු මිය යෑමේ පුවතින් මට සංවේගයක් ඇති නොවින. ඒ 80 කට වඩා බැට්කර ජීවිතය ඇති සැටි විඳ ඇත්තෙකු නිසාය.
ඔහු මොන ලොවට ගියත් කම් සැප නම් ක්ෂණිකව සොයායනු ඇත.
සුබ ගමන් මිතුර!