අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් (FR )

එල්ල කර ඇති බරපතල චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ අවධානය යොමුව තිබේ.

ශානි අබේසේකර විසින් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් අලුතින් ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස රජයට බලපෑම් කළ යුතු බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සමග අද (21) පෙරවරුවේ පැවති හමුවකදී ප්‍රකාශ කර ඇත.

ශානි අබේසේකරගේ ප්‍රකාශයන් සමඟ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ද වැඩිදුර විමර්ශන අවශ්‍ය බවට කළ නිගමනයේ නිරවද්‍යතාවය මෙහිදී සාකච්ඡා වී තිබේ.

මේ සම්බන්ධයෙන් විනිවිද භාවයෙන් යුතුව විමර්ශනයක් සිදු කළහොත් එවකට රටේ ආරක්‍ෂක යාන්ත්‍රණය පාලනය කළ ජනාධිපතිවරයා ගේ ක්‍රියාකලාපය ද  ඉස්මතු වනු ඇතැයි මෙම සාකච්ජාවේදී එජාප නායකයින් කිහිප දෙනෙකුම පවසා ඇත.

 

ශානි අබේසේකර විසින් ගොනු කර ඇති පෙත්සමට අනුව, වර්ධනය වන තර්ජන පිළිබඳව බුද්ධි අංශ සාමාජිකයින් දැන සිටි නමුත් සහරාන් හෂීම් සහ ඔහුගේ කණ්ඩායම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද පරීක්ෂණ අවහිර කර ඇත.

 

තවද, 2019 ජනවාරි මාසයේදී ජාතික ආරක්ෂක කවුන්සිලය තම විමර්ශන සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ අවශ්‍යතාවය තමන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දන්වා සිටි නමුත් ඒ සඳහා අවස්ථාව ලබා නොදුන් බවද ශානි අබේසේකර සිය පෙත්සම මගින් අවධාරණය කර ඇත.

එවකට පැවති රජය මුස්ලිම් අන්තවාදීන්ගේ තර්ජන ගැන දැන සිටි නමුත් අවශ්‍ය පියවර ගැනීමට අපොහොසත් වූ බවට 2019 දී  එක්සත් ජාතික පක්ෂයට ජනතාවගෙන් දැඩි විවේචන එල්ල විය.

ඒ අනුව, පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් වහාම අල්ලන බවට මැතිවරණ පොරොන්දු දී බලය ලබාගත් රාජපක්ෂ ආණ්ඩුව,  මේ දක්වා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ඇල්මැරුණු ස්වභාවය ආණ්ඩුවේ කතෝලික මැති ඇමතිවරුන්ගේ ද බලවත් සැකයට ලක්ව තිබේ.

 


සබැඳි පුවත් :


'මිලිටරි සහ රාජ්‍ය බුද්ධි සේවා පාස්කු ප්‍රහාරකයින් දැන සිටියා'– ශානි අධිකරණයට කියයි

ශානි අබේසේකරගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්


4 5802905385635416614 page 00014 5802905385635416614 page 00024 5802905385635416614 page 00034 5802905385635416614 page 00044 5802905385635416614 page 00054 5802905385635416614 page 00064 5802905385635416614 page 00074 5802905385635416614 page 00084 5802905385635416614 page 00094 5802905385635416614 page 00104 5802905385635416614 page 00114 5802905385635416614 page 00124 5802905385635416614 page 00134 5802905385635416614 page 00144 5802905385635416614 page 00154 5802905385635416614 page 00164 5802905385635416614 page 00174 5802905385635416614 page 00184 5802905385635416614 page 00194 5802905385635416614 page 00204 5802905385635416614 page 00214 5802905385635416614 page 00224 5802905385635416614 page 00234 5802905385635416614 page 00244 5802905385635416614 page 00254 5802905385635416614 page 00264 5802905385635416614 page 00274 5802905385635416614 page 00284 5802905385635416614 page 00294 5802905385635416614 page 00304 5802905385635416614 page 00314 5802905385635416614 page 00324 5802905385635416614 page 00334 5802905385635416614 page 00344 5802905385635416614 page 00354 5802905385635416614 page 0036

Leader Whats app

 

 

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්