ප්‍රවීණ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා පැහැර ගෙන ගොස් මරා දමා තිස් දෙවසරක් ගත වෙද්දී පළමු වරට උතුරට පැමිණි ජනමාධ්‍ය ඇමැතිවරයාගේ මුහුණටම
දෙමළ මාධ්‍යවේදීන්ගෙන් විරෝධයක් එල්ල වී තිබේ.

යාපනය අර්ධද්වීපයේ මාධ්‍යවේදීන් ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මුණගැසී විරෝධය දක්වා ඇත්තේ ඉකුත් දශක කිහිපය පුරා උතුරු නැගෙනහිර පළාතේ මරා දැමුණු, අතුරුදහන් කෙරුණු, ජනමාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතනවලට එල්ල කළ ප්‍රහාර ගැන මෙතෙක් කිසිදු විමර්ශනයක් කර වැරදි කරුවන්ට දඩුවම් නොදීම සම්බන්ධයෙනි.

රජයේ ප්‍රකාශන කාර්යාංශයේ ශාඛාවක් යාපනේ විවෘත කිරීම වෙනුවෙන් යාපන කච්චේරියේ පැවති හමුවකට මාධ්‍යවේදීන් හා මාධ්‍යවේදිනියන් සහභාගිවුයේ විරෝධය සංකේතවත් කරමින් කළු පැහැ කාඩ් පතක් පැළඳ ගෙනයි.

journalists

ප්‍රකට සංවිධාන නියෝජනය කරන දකුණේ මාධ්‍යවේදීන් සහ හිටපු මාධ්‍යවේදියකුද වන අමාත්‍යවරයා රාජ්‍ය උත්සවවලදී කිහිප වර හමුවී තිබුණද පීඩාවට පත් වෘත්තීය සගයන් වෙනුවෙන් මෙවැනි විරෝධතාවක් දැක්වූ බවක් දැනගන්නට නැත.

 මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ ඝාතනය එවකට පැවති එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව දෙස් විදෙස් ජනයා අතර අපකීර්තියට පත්වීමට හේතුවූ අතර වත්මන් මාධ්‍ය ඇමතිවරයා ඇතුළු එවකට විපක්‍ෂය නියෝජනය කළ පිරිස් ආණ්ඩු බලය ලබා ගැනීමට එය උපයෝගී කර ගත්තේ සාධාරණ විමර්ශනයක් තුලින් වැරදි කරුවන්ට දඩුවම් ලබා දෙන බවට පවසමිනි.

වර්තමාන පාලන සමයේ දකුණේ සිංහල ප්‍රභූ මාධ්‍යවේදීන් පොලිසිය විසින් ප්‍රශ්න කිරීම නවත්වන්නට මැදිහත් වුවද උතුරු නැගෙනහිර මාධ්‍යවේදීන්ට රජයේ ආරක්ෂක සේනා විසින් නිරන්තරයෙන් සිදුවන අඩන්තේට්ටම් හා ප්‍රශ්න කිරීම්
 
 
 
'ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍යවේදියෝ [JDS] සකස් කළ ''ජනමාධ්‍ය දඩබිම 2001-2010'' වාර්තාවට අනුව ඉකුත් දශකය තුල ඝාතනය වූ හා අතුරුදහන් කෙරුණු මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව 44 දෙනෙකි. ඉන් බහුතරය උතුරු නැගෙනහිර දෙමළ මාධ්‍යවේදීන්ය.
 
 
යාපන අර්ධද්වීපයේ නිමලරාජන් මයිල්වාගනම්, සුබ්‍රමනියම් රාමචන්ද්‍රන්,සෙල්වරාජා රජීවර්මන්, සහදේවන් නිලක්ෂන්, වඩිවේල් නිමලරාජ්, පරනිරුපසිංහම් දේවකුමාර් යන  මාධ්‍යවේදීන් හා කේ.නවරත්නම්, එස්.ටි.ගනනාදන්, බැස්ටියන් ජෝර්ජ්, රාජරත්නම් රංජිත් කුමාර්, මනෝජන්රාජ්, සතාසිවම්බාස්කරන්, සින්නතම්බි මහසිවරාජා, එස්.රවින්ද්‍රන්, අන්තොනිපිල්ලෛ සිත්තිරන්ජන් යන මාධ්‍ය සේවකයන් මරා දැමුනේ රජයේ ආරක්ෂක හමුදා හා ඔහුන්ගේ සහාය ලැබූ අතුරු හමුදා කණ්ඩායම් මගිනි.

මිට අමතරව මුලතිව්, කිලිනොච්චි, වව්නියාව, මන්නාරම, ත්‍රිකුණාමලය, මඩකළපුව සහ අම්පාර වැනි උතුරු නැගෙනහිර පළාතේ දිසාවන්හි දෙමළ මාධ්‍යවේදීන් මාධ්‍යවේදිනියන් රැසක් ඝාතනයට ලක්වුයේ කලක් මාධ්‍යවේදියකු ලෙස රැකියාව කළ ඇමැති ඩලස් අලහප්පෙරුම ද එම ආණ්ඩුවල ඉහල වගකීම් දරමින් සිටිය දීය.


මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිකම් කළ පළමු  ධූර කාලයේදී ජනමාධ්‍යයේ හා ජනමාධ්‍යවේදීන්ගේ ඝාතන, පහර දීම් ඇතුළු ඔවුන්ට එරෙහිව සිදු කෙරුණු සියලු එදිරිවාදිකම් ගැන විමර්ශනයට පත් කළ ඇමැති කමිටුවේ ප්‍රධානත්වය ජනමාධ්‍ය ඇමැති අලහප්පෙරුම දැරුවද කිසිදු සිද්ධියක් විමර්ශනය කොට වැරදි කරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට එම කමිටුව සමත් වුයේ නැත.



'වාලම්පුරි' පුවත්පතේ මාධ්‍යවේදී සුබ්‍රමනියම් රාමචන්ද්‍රන් අතුරුදහන් කර පහළොස් වසක් ඉක්ම ගොස් තෙදිනකට පසු යාපනයට පැමිණි මාධ්‍ය ඇමැති අලහප්පෙරුම මාධ්‍යවේදීන්ගේ විරෝධය හමුවේ යළිත් පොරොන්දු වී ඇත්තේ ජනමාධ්‍යවේදීන්ගේ ඝාතන ගැන විමර්ශනය කරන බවයි.

මාධ්‍යවේදීන් හමුවීමෙන් අනතුරුව අමාත්‍යවරයා ඩෙල්ෆ්ට් දූපතේ පාසලකට එක ලැප්ටොප් පරිගණකයක් ලබාදීම සඳහා උතුරේ මැති ඇමැතිවරුන් හා ආරක්ෂකයන් පිරිවරා බෝට්ටු මගින් ගමන් කර තිබුණි.

ජනමාධ්‍ය ඇමැතිට පෙර උතුරට ගොස් සිටි ජනාධිපති සහ අධිකරණ ඇමැති දෙපලට බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් වීදි බැස කළ දැඩි විරෝධයකට මුහුණ දෙන්නට සිදුවිය.

 
 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්