ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් සඳහා ඔන්ලයින් වීසා ලබා ගැනීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවන නිල වෙබ් අඩවිය
අභිබවා ව්‍යාජ වෙබ් අඩවියක් ක්‍රියාත්මක වේ.
පැහැදිලි සයිබර් අපරාධයක් වන මෙම වංචාව නිසා දැනටමත් විශාල ආදායමක් රටට අහිමි වී ඇත.
www.etagov.la/svisa නමින් මෙම ව්‍යාජ වෙබ් අඩවිය දියත් කර ඇති අතර eta.gov.lk නමින් ක්‍රියාත්මක වන රජයේ නිල වෙබ් අඩවියේ ඇති සියලුම තොරතුරු ඒ සඳහා උපුටාගෙන ඇත.
මෙම වෙබ් අඩවිය හරහා වීසා සඳහා අය කරන ගාස්තුව නිල ගාස්තුව මෙන් දෙගුණයකටත් වඩා වැඩිය. එසේම, ට්‍රාන්සිස්ට් වීසා සඳහා ගාස්තුවක් අය නොකරන නමුත් මෙම වෙබ් අඩවියේ ඒ සඳහා ගාස්තුව US $ 7 ක් වේ.
මෙය රාජ්‍ය යාන්ත්‍රණයේ කිසිවකුගේ අනුදැනුම ඇතිව සිදු කරන ලද වංචාවක්ද නැතහොත් ශ්‍රී ලංකා වීසා බලපත්‍ර නිකුත් කිරීම තුන්වැනි පාර්ශ්වයක් විසින් පැහැරගෙන තිබේද යන්න ප්රශ්නයකි. මේ සඳහා ඉක්මන් හා සුදුසු ක්‍රියාමාර්ග අවශ්‍ය වේ.
මුලාශ්‍ර පුවත :
Exclusive: Sri Lankan Visa Procedure Hijacked by a Third Party?