මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර ඇතත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ මෙතෙක් තම ජනාධිපති ධූර අපේක්ෂකයා නම් කර නොමැත.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ කතානායක කරු ජයසූරිය තිදෙනාම පක්ෂයේ අපේක්ෂකත්වය අපේක්ෂා කරන බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ 1999 සහ 2005 වසර වලදී ජනාධිපති ධූරය සඳහා තරග කර තිබේ. මෙවර ද, ඊට තරග කරන බව ඔහු පවසයි.

වෙනත් පක්ෂයකින් තරඟ කරන්නේ නැහැ - සජිත්                                                       Sajith text 2019.09.19

නමුත් එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ද පවසන්නේ ඔහු කෙසේ හෝ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවය. එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ හා මේවනවිට කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරන බහුතරයක් ද ඔහුට සහය පළ කරති.

මොනම හේතුවක් නිසාවත් තමන් වෙනම පක්ෂයකින් තරඟ නොකරන බව ඔහු අවධාරණය කරයි.

ජනාධිපති ධුර අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් වන ලෙස තමන්ට ද ඉල්ලීම් ඉදිරිපත් වන බව පවසමින් කතානායක කරු ජයසූරිය අඟහරුවාදා (සැප්තැම්බර් 17) නිවේදනයක් නිකුත් කළේය. පක්ෂයෙන් ඒකමතික ඉල්ලීමක් ඉදිරිපත් වන්නේ නම් තරඟ කිරීමට සූදානම් බව කතානායකවරයා මීට ඉහතදී 'බීබීසී සිංහල සේවය'ට පැවසීය. 

රනිල්ට දැඩි බලපෑමක් !

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වහාම ප්‍රකාශයට පත් කරන්නැයි පක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන් මෙන්ම එක්සත් ජාතික පෙරමුණේ නායකයින් ගෙන් පක්ෂ නායක, අගමැති රනිල් වික්‍රමසිංහට මේවනවිට දැඩි බලපෑමක් එල්ලවී ඇතැයි අරලියගහ මන්දිර ආරංචිමාර්ග පවසයි.

එම තත්වය යටතේ, සිය ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම ලබන සතියේදී රැස් වී තීරණය කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ තමන් වෙත දැනුම් දුන් බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කරයි.

එමෙන්ම එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් අද (19) සවස 6.00 ට පැවැත්වෙන බවද මහ ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

''අපේක්ෂකයා තෝරා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන්''                                                                  Sajith text 09.19

මේ අතර ඊයේ (18) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ මංගල සමරවීර අමාත්‍යවරයා පැවසුයේ, ඉදිරි දින කිහිපය තුළදි එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධි මණ්ඩලයත්, පාර්ලිමේන්තු කණ්ඩායමත් එකවර කැදවා ප්‍ර‌ජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස රහස් ඡන්දයකින් අපේක්ෂකයා තෝර ගැනීමට කටයුතු කරන බවයි.

ඇමතිවරයා වැඩි දුරටත් මෙසේද පැවසිය.

''ජනාධිපති මැතිවරණයට අපි සුදානම්. මේ වෙනකොට සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය වෙනුවෙන් නිල වශයෙන්ම ඉදිරිපත් වෙලා ඉන්නවා. අද අපි පුවත්පත්වල දැක්කා කරු ජයසූරීය මැතිතුමාටත් ඉදිරිපත් වෙන්න උවමනාවක් තියෙනවා කියලා.

  අපි විශ්වාස කරනවා ඊළග දින කිහිපය තුළදි විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධි මණ්ඩලයත්, පාර්ලිමේන්තු කණ්ඩායමත් කැදවලා ප්‍ර‌ජාතන්ත්‍රවාදී පක්ෂයක් හැටියට රහස් ඡන්දයකින් අපේක්ෂකයා තෝර ගන්න කටයුතු කරනවා. 

ඇත්ත වශයෙන්ම එක්සත් ජාතික පෙරමුණේ සියලුම පක්ෂ සජිත් ප්‍රේමදාස ඇමතිතුමාට සහයෝගය දෙන්නට සුදානම් බව මම ප්‍රකාශ කරන්න කැමතියි''

                   

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්