රුසියාව සහ යුක්රේනය අතර උද්ගත වී තිබෙන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් බොරතෙල් බැරලයක මිල අනිවාර්යයෙන් ඉහළයාමට ඉඩ ඇති බවත් එය

ලංකාවට දැඩි ලෙස බලපානු ඇති බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු එබව කියා සිටියේ, අද (22) පාර්ලිමේන්තු සභාවාරය අමතමිනි.

''දැන් රුසියාවේ LNG අරගන්නේ නැත්නම් විශේෂයෙන් යුරෝපයේ කටාර් වල LNG යවන්න වෙනවා යුරෝපෙට. එතකොට, මෙහාට LNG අඩු වෙනවා. ආපහු  LNG මිලත් වැඩි වෙනවා. අපේ ආර්ථිකයට විශාල ප්‍රශ්නයක් වෙලා තියන්නේ...'' යයි පැවසු රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා, මුදල් අමත්‍යවරයා හෙට පැවැත්වීමට නියමිත විවාදයට පෙර ප්‍රකාශයක් කරන්නේ නම් එය අතිශයින් වැදගත් බව සඳහන් කළේය.

රටේ පවතින බරපතල ඉන්දන අර්බුදය සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසිය.

"විශේෂයෙන්ම විදේශ අමාත්‍යංශයේ කොටස විදේශ ඇමතිතුමා කරයි. එත්, මේ පිලිබඳ ආර්ථිකයට බලපාන එක හෙට උදෙන්ම පුලුවන්නම් ඇමතිතුමාට ඇවිල්ල වාර්තාවක් කරන්න. එතකොට මීට වඩා හොඳට අපට පුළුවන්, මේ විවාදය ඉදිරියට ගෙනියන්න. මම විශේෂයෙන්ම අපේ සභානායක තුමාට කියනවා, එක ඉල්ලීමක් තියනවා.

තෙල් නැව් 3  අපි මිල දීල අරගෙන තියන්නේ පරණ මිලට, කොහොම හරි ඒවාට ගෙවන්න. ඊළඟ සැරේ එනකොට අලුත් මිලට එන්නේ. ඒ නැවු 3 ට කොහොම හරි ගෙවලා දාමු . කොහෙන් හරි හොයාගෙන,  මන් දන්නේ නෑ, කොහෙන්ද? හොයන්නේ කියලා . අපි තවත් අරගෙන තියනවා පරණ මිලට,  අපි ඒවා කොහොම හරි ගෙවල දාමු,  ඊට පස්සේ අනිත් ඒවා ගැන බලමු" යයි කියා සිටියේය.





රුසියානු - යුක්රේන් අර්බුදය නිසා ශ්‍රී ලංකාවට බරපතල අර්බුදයක් මතුවිය හැකිබවට හිටපු අගමැතිවරයා පාර්ලිමේන්තුව තුලදී අනතුරු අඟවද්දී ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත්තේ බොරතෙල් බැරලයක මිල අද (22) පෙරවරුවේ ඇමෙරිකානු ඩොලර් දෙකක අගයකින් ඉහළබවයි. 

 
බොරතෙල් සැපයුමට බාධා එල්ල වනු ඇතැයි ඇති වූ කනස්සල්ල ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

රුසියානු-යුක්රේන අර්බුදය දිග්ගැස්සෙමින් තිබෙන අතර රුසියාව මොනයම් මොහොතක දැවන්ත ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි බටහිර රටවල් බිය පළ කර ඇත. මේ අතරවාරයේ දී නැගෙනහිර යුක්රේනයේ වෙනම කලාප දෙකක් නම් කිරීමට රුසියාව සඳුදා, ඊයේ (21) පියවර ගත්තේ ය.

රුසියාවේ එම පියවර ජාත්‍යන්තරයේ දැඩි විරෝධයට හේතු වී තිබෙන අතර ඉතාම ඉක්මනින් රුසියාවට සම්බාධක පනවන බව බටහිර රටවල් ප්‍රකාශ කර ඇත.

ඇමෙරිකාව ඒ සඳහා මූලිකත්වය ගෙන ඇති අතර ඇමෙරිකාව මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ මිත්‍ර රටවල් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි ද වාර්තා විය.

රුසියාව නම් කළ වෙනම කලාප දෙකෙන් ආනයනය කරන සියලු භාණ්ඩවලට තහනමක් පැනවීමටත් එම කලාප සමඟ ව්‍යාපාරික කටයුතු නවතා දැමීමටත් අදාළව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විධායක නියෝගයක් නිකුත් කිරීමට නියමිතව ඇත.

මේ තත්ත්වය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට්’ බොරතෙල් මිල ගණනය කිරීම්වලට අනුව ඊයේ දිනයේ දී බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 93.86ක් දක්වා ඩොලර් 2.79ක් ඉහළින් ගොස් ඇත. එය ඉකුත් සිකුරාදා පැවැති මිලට වඩා සියයට 3.06ක වැඩි වීමක් යැයි වාර්තා විය. රජයේ නිවාඩු දිනයක් හේතුවෙන් ඇමෙරිකානු වෙළෙඳපොළ ඊයේ දිනයේ දී ක්‍රියාත්මක නොවිණි.

‘බ්‍රෙන්ට් කෲඩ්’ මිනුම්වලට අනුව බොරතෙල් බැරලයක මිල ඊයේ (21), ඇමෙරිකානු ඩොලර් 96.75ක් දක්වා ඇමෙරිකානු ඩොලර් 1.36කින් ඉහළ ගොස් තිබිණි. එය සියයට 1.43ක අගයක් ලෙස දැක්විණි. එහි සියයට දෙක ලාභයක් ද වාර්තා විණි. එම වෙළෙඳපොළ බොරතෙල් බැරලයක මිල ඊයේ (21) උදය වරුවේ ඇමෙරිකානු ඩොලර් 97.66ක් දක්වා ඉහළ ගොස් තිබුණු අතර එය 2014 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු වාර්තා වූ ඉහළම අගය යැයි ද වාර්තා විය.


 

Leader Whats app

 

 

 



 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්