අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් අද (22) උදැසන විශේෂ ධුත පිරිසක් සමග විදෙස්ගතවූ බව කටුනායක ගුවන්තොටුපල ආරංචිමාර්ග පවසයි.



අගරදගුරු හිමියන් වතිකානුවේ සංචාරයක නිරතවීමට නියමිත බවත්, එම සංචාරයේදී උන්වහන්සේ ශුද්ධෝත්තම පාප් වහන්සේ ඇතුලු වතිකානුවේ ඉහළ බලධාරීන් හමුවී පාස්කු ප්‍රහාරයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට සැලසුම් කර ඇති බවත් පසුගියදා මාධ්‍ය වාර්තාකර තිබිණ.

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ලෝක රදගුරු සමුළුවේ ප්‍රධානින් හා ජාත්‍යන්තර ගිහි සංවිධානයේ නියෝජිතයින් සමග ද විශේෂ සාකච්ජා වට කිහිපයක් ම පැවැත්වීමටසැලසුම් කර ඇතැයි එම මාධ්‍ය වාර්තාව වල සඳහන් විය.  

මීට අමතරව කාදිනල් හිමිපාණන් අමෙරිකාවේ අගරදගුරු හිමියන් සමග පසුගිය දින දෙක පුරාම දුරකතනය ඔස්සේ සාකච්ජා කරමින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති බවද වාර්තා වේ.


සබැඳි පුවත් :


 රාජපක්ෂ පාලනය වෙනුවට අලුත් ආණ්ඩුවක් !




 

Leader Whats app

 

 

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image