සිය අමාත්‍යාංශයේ කටයුතුවලින් ඉවත් වී සිටින නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා, තමන් අමාත්‍යාංශ කටයුතුවලින් ඉවත්වීම සම්බන්ධව අද (23)

පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂවෙත තමන් ලිපියක් යොමුකළ බව ද ඔහු පැවසීය.

එම ලිපිය තුළ තමා සිය කාර්ය මණ්ඩලය ඉවත්කරගැනීමට හේතුව සහ තමන්ට මුහුණ දීමට සිදුවූ ගැටලු සම්බන්ධයෙන් සඳහන් කර ඇති බවත් සිය ලිපියේ ප්‍රධාන කරුණු 4ක් අන්තර්ගත බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

"මගේ අමාත්‍යාංශයේ සිදුවෙච්ච සිද්ධිය ගැන කරුණු 4ක් යටතේ ජනාධිපතිවරයා වෙත මම ලිඛිතව දැනුම්දුන්නා. මම බලාපොරොත්තුවෙනවා ජනාධිපතිවරයා ඒ පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් සිදුකරයි කියලා. මොකද ඒක විසඳන්න පුළුවන් ජනාධිපතිවරයාට විතරයි.

මේ රට වැටිලා තියෙන තත්ත්වයට මේ රට පාලනය කරපු සියලුදෙනා වගකියන්න ඕනේ. අපි ඔක්කොම වගකියන්න ඕනේ. ඒ නිසා මේ රටේ අද තියෙන ප්‍රශ්නයට අපි එකතු වෙන්න ඕනේ. අපි එකතුවෙලා ආර්ථික ප්‍රතිපත්තියක් හදන්න ඕනේ.

අපි දෙවියන්වහන්සේ විශ්වාස කළාට දෙවියන් වහන්නේ ආණ්ඩුවට සල්ලි දෙන්නේ නෑ නේ. ඒ නිසා අපි එයාටයි මෙයාටයි ඇඟිල්ල දික්කරලා වැඩක් නෑ...

 

ගස වටේ වැල් එතුනම ගස ආරක්ෂා වෙනවා. ඒත් සමහර වැල් ගස වටේ එතුනම ඒ ගස විනාශ වෙනවා."

 

''ප්‍රහාරයට වඩා ප්‍රතිප්‍රහාරය දරුණු වෙන්න පුළුවන්.''



මගේ අමාත්‍යාංශයේ සිදුවෙච්ච සිද්ධියට අදත් ප්‍රතිප්‍රහාර දෙනවා නම්, මට දෙන්න පුළුවන් දරුණු වෙන්න. නමුත් මම ඒ තත්ත්වයට යන්නේ නෑ. මගේ ඡන්දදායකයෝ කිව්වෙත් ඒක.

ජනතාවට ජීවත්වෙන්න බැරි ප්‍රශ්නයක් තියෙද්දි අපේ ප්‍රශ්න ලොකු කරගෙන යන්න මට අවශ්‍ය වුණේ නෑ. ඒ නිසා මම අඩියක් පස්සට තියලා නිහඬ වුණා. නමුත් අපේම කණ්ඩායමේ සමහර මන්ත්‍රීවරු, ඇමතිවරු මට ප්‍රහාර එල්ල කරන්න ගත්තා.

 

''මිනිස්සුන්ට ජීවත්වෙන්න ඔක්සිජන් ඕනේ නෑ කියලා කියන කෙනෙක් එක්ක තර්කයකට යන්න එපා කියන එක තමයි මගේ ඡන්දදායකයෝ මට කිව්වේ."

 



මේ අතර  පැෆරල් සංවිධානය පවසන්නේ, පසුගිය දිනවලදී ඇතැම් අමාත්‍යවරුන් අතර ඇතිවූ මත ගැටුම්වල ස්වභාවය නීරික්ෂණය කිරිමේදී පැහැදිලිවන්නේ ඒවා ඔවුන්ගේ දේශපාලන බලය තහවුරු කරගැනීම වෙනුවෙන් සිදුකරන්නා වූ උත්සහයන් බවයි.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ එවැනි ආකාරයේ මත ගැටුම්වලට ප්‍රධාන හේතුව වී ඇත්තේ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් පෙනීසිටීම වැනි අවස්ථා නොවන බවයි.

.

 

 

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්